(අජන්ත කුමාර අගලකඩ)
කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් තවත් දස දෙනෙකු පමණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද (23) දිවුරුම් දීමට නියමිතය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක්වන මහින්ද අමරවීර ,ඊපීඩීපී නායක ඩග්ලස් දේවානන්ද, ලංකා කම්කරු කොංග්‍රසයේ ජීවන් තොණ්ඩමන් යන මහත්වරුන් ද,මීට පෙර කැබිනට් මණ්ඩලයේ සිටි පොදුජන පෙරමුණේ ඇමැතිවරුන් කිහිපදෙනකුද අද දිවුරුම් දෙන ඇමතිවරුන් පිරිසට ඇතුළත් වනු ඇතැයි දැනගන්නට තිබේ.
ජනාධිපතිවරයා, අගමැතිවරයා හැරුණුවිට කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරුන් නව දෙනකු මේ වන විට දිවුරුම් දී ඇති අතර, අද දිවුරුම් දෙන දස දෙනාද සමඟ ඇමති මණ්ඩලය 25 දෙනකු ට පමණ සීමා වනු ඇතැයි දැනගන්නට ඇත.
COMMENTS
වෙන කවුද ඉතින්.., ජොන්ස්ටන්, මහින්දානන්ද, රත්තරන්, පයිලට් අරුන්දික වගේ අය තමයි.
ඕකකළාම රටේ දැන් තිබෙන සියලුම ප්‍රශ්න විසඳිලා යයි නේද?
ජනපති, අගමැති ඇතුළු මුළු කැබිනට් එක 20ක් කියලනේ කිව්වේ. තව අය මොකටද?
කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරුන් තවත් දසදෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීමෙන් පසු ජනතාව ඉදිරියට නොපැමිණෙන්න. ගෑස් හෝ ඉන්ධන පෝලිම් අසලට නොයන්න...!