IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


තලාවේ අනතුරින් 46කට තුවාල- සිසුවෙක් මරුට

(බී.ජී.චතුරංග, ඩී.ඩබ්ලිව් ධර්මකීර්ති, උපුල් හේරත් සහ දයාරත්න ඇඹෝගම)

තලාව  411 ගම්මානයට ගමන් කරන ජයගඟ මාර්ගයේදී පෞද්ගලික බස් රථයක් අද දහවල් අඩි විස්සක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත පාසල් ශිෂ්‍යයකු ජීවිතක්ෂයට පත්ව පුද්ගලයන් 46 තුවාල ලබා ඇති බව තලාව පවසයි.

අනතුරින් මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, තලාව ජාතික පාසලේ ඉගෙනුම ලැබූ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට නියමිතව සිටි 411/4 හඟුරන්කෙත ගම්මානයේ පදිංචි කේ.එම්. පසිඳු දිල්ෂාන් නන්දසේන නමැති දාසය හැවිරිදි පාසල් සිසුවෙකි.

තලාව බස් නැවතුම්පළෙන් ගමන් ආරම්භ කර 411 ගම්මානය බලා ධාවනය කෙරෙමින් තිබූ මෙම පෞද්ගලික බස් රථය මුදුනේගමට නුදුරින් 409 තම්මැන්නාව ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන ඇල මාර්ගය අසල  ප්‍රපාතයකට පෙරලී ගොස් තිබූ බව පොලිසිය සඳහන් කළේය.

මෙම බස් රථය මාර්ගය ඉදිරියට ගමන් කරමින් තිබියදී මාර්ගය ඉදිරියෙන් අපරික්ෂාකාරී ලෙස පැමිණි අතුරු පැදියකට ඉඩ දීමට යාමේදී එම යතුරු පැදිය බස් රථයේ ගැටී බස් රථයේ පල්ලමට පෙරළී ගිය බව එහි රියදුරා සඳහන් කළේය.

බස් රථයේ ගැටුණු බව කියන යතුරු පැදිකරු එම ස්ථානයෙන් පලා ගොස් තිබූ අතර අනතුරට සම්බන්ධය යතුරු පැදිකරු සොයා විමර්ශනයක් ආරම්භ කළ බව තඹුත්තේගම මූලස්ථාන පොලිසියේ රථවාහන අංශ නිලධාරියෙක් මෙහිදී සඳහන් කළේය.

එම බස් රථය 12.15 තලාව ප්‍රධාන බස් නැවතුම්පොළෙන් ගමන් ආරම්භ කර විනාඩි 15ක් පමණ ගත වූ පසු මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සදහන් කලේය.

අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ මගීන් 60කට ආසන්න පිරිසක් ගමන් කර ඇති අතර, එම මගින් අතර උසස් පෙළ විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයට මුහුණ දී නිවෙස් කරා යන සිසු සිසුවියන්, සාමාන්‍ය පෙළ සම්මන්ත්‍රණයකට සහභාගි වී නිවෙස් කරා යන සිසු සිසුවියන් , දෛනික කටයුතු සඳහා තලාව, තඹුත්තේගම සහ අනුරාධපුරයට පැමිණ යමින් සිටි වැඩිහිටියන් ඇතුළු පිරිසක් ගමන් කර ඇති බව පොලිසිය සඳහන් කළේය.

--------------------------------------------------------------

 

 



අදහස් (4)

තලාවේ අනතුරින් 46කට තුවාල- සිසුවෙක් මරුට

පිටරැටියා Monday, 10 November 2025 03:41 PM

හරිම කණගාටුදායකයි .දිනපතාම වාගේ ලන්කාවේ සිදුවන අනතුරු ප්‍රමාණය නම් අඩුවක් නැහැ.

:       0       4

ගුණරත්න Monday, 10 November 2025 08:20 PM

පරණ දිරච්ච බස් කටු තමයි ඔය, අලුත් එකක් කෝටි ගාණක් වෙනවා, ඒත් ඉතින් මොකද මන්ත්‍රී උත්තමයින්ට පස්ස තියන් යන්න බිලියන ගාණක් වියදම් කරලා ලක්ෂරි වාහන අරන් දෙමු!.

:       0       0

Bunny Preena Tuesday, 11 November 2025 09:39 AM

සමහර යතුරුපැදි කරුවන් ඉන්නවා මාර්ගයේ ගමන කරන මගීන් ගැනවත් කිසිම තැකීමක් නැති. නොසැළකිමත් එක පුද්ගලයකු නිසා එක අහිංසක තරුණ ජීවිතයක් විනාශ කරලා, බොහෝ දෙනෙක්ට තුළාල වෙලා. එම පුද්ගලයාට දැඩි දඬුවම් ලබා දිය යුතුයි

:       0       6

Chinthaka Tuesday, 11 November 2025 01:17 PM

බර්නිගේ අදහස හරි යතුරුපැදිකරු උගේ හුචක්කුව බසයේ හැප්පූ නිසා රටේ වටිනා සම්පතක් අහිමිවුනා තවත් විශාල පිරිසකට බරපතළ ලෙසට අනතුරු වුනා අන්තිමේ බසයේ රියදුරා අත් අඩංගුවට ගත්තා. වරද කල එකා පැනලා ගියා

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 18 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 701 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site