
(අංජුල මහික වීරරත්න)
ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි අලුත් වැඩියා කර සංවර්ධනය කිරීමට ගත් උත්සාහයන් තුනක්ම ව්‍යවර්ථ කළේ ජනතා විමුක්ති විමුක්ති පෙරමුණ බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
එම තෙල් ටැංකි වල අයිතිය කාට තිබුණත් මෙවැනි අවස්ථාවක එහි ප්‍රයෝජනය ලැබෙන්නේ මෙරට ජනතාවට බව වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මේ බව කීවේ ඇතිවී තිබෙන උග්‍ර තෙල් හිඟය සම්බන්ධයෙන් මාධ්‍යයට ප්‍රකාශයක් කරමිනි.
මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් වජිර අබේවර්ධන මහතා කීවේ රනිල් වික්‍රමසිංහ මහතා අවස්ථා තුනකදීම ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංවර්ධනය කිරීමට ගත් උත්සාහය ජනතා විමුක්ති පෙරමුණේ බලපෑම් නිසා අතහැර දැමීමට සිදුවූ බවයි.
වැඩි දුරටත් අදහස් දක්වමින් වජිර අබේවර්ධන මහතා මෙසේද කීය.
රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලනය යටතේ 2002-2004 යුගයේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි ප්‍රතිසංස්කරණය කර සංවර්ධනය කිරීමට විධි විධාන යෙදුවා.ඒ අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණ රට පුරා ව්‍යාජ භීතියක් මවමින් ඒ කටයුතු අඩාල කරනු ලැබුවා.
නැවත වතාවක් 2015-2020 කාල වකවානුවේදී රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස ඉන්දීය රජයේද සහාය ඇතිව ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංවර්ධනය කර ප්‍රතිසංස්කරණය කිරීමට උත්සාහයක් ගත්තා.ජනතා විමුක්ති පෙරමුණේ බලපෑම නිසා එම කාර්යයත් යටපත්ව ගියා.
නැවත වතාවක් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස 2022-2024 වකවානුවේදී තෙල් ටැංකි සංවර්ධනය කිරීමට ගත් උත්සාහය ජනතා විමුක්ති පෙරමුණේ විරෝධයන් නිසා ක්‍රියාත්මක කිරීමට හැකි වුණේ නැහැ.
මේ අවස්ථා තුනෙන් එකකදී හෝ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංවර්ධනය කිරීමට අවස්ථාව ලැබුණා නම් වර්තමානයේ උද්ගතව ඇති ප්‍රශ්න හමුවේ රටට අවශ්‍ය තෙල් ගබඩා කිරීමට ඉඩ ලැබෙනවා.
එම ටැංකිවල අයිතිය කාට තිබුණත් ඒවායේ තිබෙන තෙල් වල හිමිකම ලැබෙන්නේ ශ්‍රී ලංකාවටයි.අර්බුදකාරී අවස්ථාවක ඉතා සුමටව ඊට මුහුණ දීමට ත්‍රිකුණාමලය තෙල් ටැංකිය යොදා ගැනීමට අවස්ථාව තිබුණා.ඒ මහඟු අවස්ථා තුනම කඩාකප්පල් කරන ලද ජනතා විමුක්ති පෙරමුණට අද දිට්ට ධම්ම වේදනීය කර්මය පලිසන් දී ඇතැයි එජාප සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන්ට වැඩක් කරන්න බැරිඋනාම අදෝනාව පටන් ගන්නව. කවුරු විරුද්ධ උනත් මහ බැංකුව හොරා කෑව වගේ ඒකත් කරන්න තිබ්බනෙ.
ඒ ඉතිං බලයේ හිටපු අයගෙ නොහැකියාව
පන නැති පඹයො වගේ නායකයෝ රට පාලනය කරද්දී ඔහොම තමයි. ඒ පඹයො දන්නේ ප්‍රශ්නයක් ඇති උනාම මිනීමරන්න විතරයි. ප්රචන්ඩත්වය සමාජයට මුදාහැරලා සමාජයේ තරුණ තරුණියන්ට ආයුධවලින් විසඳුම් හොයන්න තල්ලු කරනවා.
JVP එකේ පාර්ලිමේන්තුවේ ඉන්නේ මන්ත්‍රීවරු 3යි,,,ඒක කොහොමද උනේ?????ඔයා අසාර්ථක නම් අනිත් අයට පැමිණිලි කරන්න එපා,,අවුරුදු 76ක් පක්ෂ දෙකම කරපු දේ????ඊළඟ මැතිවරණයට සල්ලි හොයනවා ඒක තමයි ඔයා ඔක්කොම ඉවර කළේ,, ඔයා අසාර්ථකයි, ඔයාගේ කළමනාකාරිත්වය නිසා රට පැරදුනා, ඒත් තාමත් ඔයා හොඳින් ඉන්නවා මොකද ඔයා අපේ සල්ලි ඉතුරු කරන නිසා
3%ක් තියාගෙන ජවිපේ මැදිහත්වීම පුදුමාකාරයි. ආණ්ඩු කරලා තියෙන්නේ ජවිපෙ. කොහොම වුණත් ඔයගොල්ලෝ සංවර්ධනය කරන්න හැදුවේ කෙලින්ම විදේශයන්ට පවරලානේ
මනුස්සයෝ ! අද තියෙන ප්‍රශ්නෙකට අතීතය අල්ලාගෙන JVP එකට බැන්නට, තෙල් ප්‍රශ්න විසඳන්නේ නෑ කියලා තේරුම් ගන්න මොලයක් නැද්ද..?
ඔයා කතාව අහලා අපි ආයෙත් භාණ්ඩාගාරේ සුද්ද කරන්න දෙයි කියලා හිතුවාද? රනිල් ජනාධිපති වෙලා උන්නේත් අවුරුදු දෙකයි. එකත් පිණට. අනුරත් ජනාධිපති වෙලා අවුරුදු දෙකයි, දෙන්නටම තියෙන්නේ එකම පළපුරුද්ද.
ඒවා විකුණලා , හම්බන්තොටත් විකුණලා ඒවායින් කජු කාල රට බංකොලොත් කරෙත් ජවිපෙ ද තමුන්ලා මාරුවෙන් මාරුවට රට කරලා, අඩුම ගානේ CPC එකේ storage කැප්සිටි එක වැඩි කරන්නේ නැතිව ට්‍රින්කෝ මාලයක් ගැන කතා කරනවා රට බංකොලොත් කරපු උන් දැන් එනවා මෙතන
ඒ කියන්නේ, ඒ කාලේ 3% JVP එක ඒ UNP ආණ්ඩු වලට වඩා බලවත් නේද?
ජවිපෙ ගොට්ටෝ ටික මෙන්න. මුන්ට නම් තෙල් හිඟයක් නෑ වගේ. අන්රය්යා තෙල් ටැංකි රිපෙයා කරලා තෙල් ගබඩා කරලා දැන් නාන්න තරන් තෙල් තියෙනවද කියලත් හිතෙනවා.
නොකීවාට ටැන්කිවල අයිතියට වැඩක් දී ඇති බව පෙනේ...