
(රන්ජන් කටුගම්පොල)
සොරකමක් සම්බන්ධයෙන් පාපොච්චාරණයක් ලබා ගැනීම සඳහා අත්අඩංගුවට ගත් තරුණයකුගේ අත් පා බැඳ එල්ලා අමානුෂික ලෙස පහර දී වධ හිංසාවට භාජනය කොට එම පාපොච්චාරණය පොලිසියට අවශ්‍ය ආකාරයට ලබාදීම ප‍්‍රතික්ෂේප කිරීම හේතුවෙන් හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගත්තේ යැයි චෝදනා කර රිමාන්ඞ් ගත කිරීම තුළින් අනුරාධපුර පොලිස් නිලධාරින් මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම සිද්ධියට සම්බන්ධයෙන් සැරයන්වරුන් දෙදෙනකුට සිය පෞද්ගලික මුදලින් රුපියල් ලක්ෂය බැගින් වන්දි සහ රුපියල් 25000 බැගින් නඩු ගාස්තු ගෙවන ලෙස නියෝග කළේය.
අනුරාධපුර, මීගොඩවැව ප‍්‍රදේශයේ පදිංචි සචිත්ත ප‍්‍රභාත් විජේරත්න නමැති තරුණයා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුවක් ප‍්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප‍්‍රීති පද්මන් සූරසේන, ගාමිණී අමරසේකර සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගේ සමන්විත විනිසුරු මඩුල්ලක් ප‍්‍රකාශයට පත් කළහ.
පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස අනුරාධපුර පොලිසියේ පොලිස් පරීක්ෂක බී.එස්. චන්ද්‍රසිරි, පොලිස් සැරයන් සම්පත් සහ පොලිස් සැරයන් නිශාන්ත යන නිලධාරින් නම් කරනු ලැබ ඇත.
අදාල වන්දි මුදල් මසක් ඇතුළත ගෙවන ලෙසද විනිසුරු මඩුල්ල නියෝගය කළහ.
COMMENTS
හොඳටම මදි. අඩුම ගණනේ එක්කෙනෙකුගෙන් ලක්ෂ දහයක්වත් දඩ අයකරලා දෙන්න තිබුණා. වදහිංසාවලට ලක්වීම අතිශයින්ම කෲර, අවමන් සහගත, ආත්ම අභිමානය විනාශ කරන සිදුවීමක් නිසා මොවුන්ව රැකියාවෙන් ඉවත් කරලා, සිර දඬුවමක් දිය යුතුමයි. එක වැරැදිකාරයෙකුට නම් ස්වභාවික දඬුවමක් හිමිවෙලා කියලා ආරංචියි.
හොද වැඩේ ලක්ෂයක් නෙමේ ලක්ෂ 10ක් වත් ගෙවන්න කියන්න තිබුණේ. නියම කුඩුකාරයෝ රකින්න අහිංසකයෝ අල්ලන කාලකන්නි.
අපරාදේ ලක්ෂයක් මදි. ලක්ෂ 100 ක් වත් ගෙවන්න නියෝග කරන්න තිබුණෙ. නඩු ගාස්තු ලක්ෂ 25 ක් වත් ඉඩම් ගෙවල් විකුණලා ගෙවලා පාරට බහින්න සිද්ධ වෙන්න
වන්දිය සාධාරණ නෑ.