
(අංජුල මහික වීරරත්න)
ත්‍රස්තවාදය වැලැක්වීමේ (තාවකාලික විධි විධාන) පනත පරිච්ඡින්න කර නව නීතියක් කෙටුම්පත් කිරීමට අදාළව මහජන අදහස් ලබා ගැනීම යටතේ විවිධ සංවිධාන සහ පුද්ගලයින් 240 ක එකමුතුව විසින් සකස් කර අත්සන් කරන ලද යෝජනාවලියක් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට අධිකරණ අමාත්‍යාංශයේදී අද බාර දුන්නේය.
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වෙනුවට නව පනතක් ගෙන ඒමට පසුගිය ආණ්ඩු විසින් කමිටු ගණනාවක් පත් කර ඉදිරියට ගෙන ගොස් තිබුණද පනතක් සකස් කිරීමට පියවර ගෙන නැතැයි ද අමාත්‍යවරයා කීය.
නව පනතක් ගෙන ඒම සම්බන්ධයෙන් අදහස් හා යෝජනා ලබා ගනිමින් වාර්තාවක් සකස් කරන අතර ඒ සදහා ද අදහස් ලබා ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක නම් පට්ට ඇති. අපේ මාලිමා රජයනේ කරන්නේ. ඔය ඉන්න කට්ටිය දැක්කාමත් හිතාගන්න පුළුවන් යමක්...
හිටපු දේශපාලුවන්ගෙන් හැර අනික් ඕනෑම කෙනෙකුගේ අදහස් ලබා ගන්න !!
පරණ වුනත් සවුත්තුයි කිව්වාට මේ ආණ්ඩුවේ අය ඒවායින් වැඩ ගත්තා හොඳට. ඉතින් හිතාගන්න පුළුවන් අලුතින් එන ඒවා ගැන, චීන්නුන්ගේ වගේ කරුමක්කාර නීති ගෙනෙයි..
ඉස්සරහම ඉන්න සුදු ලෝගුවක් දාපු කෙනා දැක්කාම හිතාගන්න පුළුවන් මෙයාලාගේ අරමුණ...