
(රෝෂන් තුෂාර)
විශ්‍රාමික මේජර් ජනරාල් අශෝක තෝරදෙණිය මහතා සම්බන්ධව මහජනතාව නොමඟ යවන සුළු අසත්‍ය සහ ද්වේශ සහගත ප්‍රකාශ විද්‍යුත් ,මුද්‍රිත මාධ්‍යයට නිකුත් කිරීම, හා සමාජ මාධ්‍යය හරහා පළ කිරීම වළක්වමින් හිටපු පළාත් සභා මන්ත්‍රී හා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභා සාමාජික හිටපු පළාත් සභා මන්ත්‍රී ඉන්ද්‍රානන්ද ද සිල්වාට කොන්දේසි සහිත වාරණ ආඥාවක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (16)නිකුත් කළේය.
විශ්‍රාමික මේජර් ජනරාල් අශෝක තෝරදෙණිය මහතා විසින් 2024 අංක 9 දරණ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ 24 වන වගන්තිය යටතේ උතුරු මැද පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ඉන්ද්‍රානන්ද ද සිල්වා විත්තිකරු කරමින් පැවරූ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව මෙම වාරණ ආඥාව ලබන 30 දින දක්වා බල පැවැත්වෙන පරිදි නිකුත් කළේය.
පැමිණිල්ල වෙනුවෙන් ජනාධිපති නිතීඥ සංජේ රාජරත්නම්, නීතීඥ සුදත් ජයසුන්දර මහත්වරුන් අධිකරණය ඉදිරියේ කරුණු දැක්වීය.
ජනාධිපති නිතීඥ සංජේ රාජරත්නම් මහතා කරුණු දක්වමින් කියා සිටියේ විත්තිකරු විසින් පැමිණිලිකාර අශෝක තෝරදෙණිය මහතා සම්බන්ධයෙන් අසත්‍ය සහ ද්වේශ සහගත කරුණු මාධ්‍යයට ඉදිරිපත් කරමින් සිටින බවය.
එම අසත්‍යය සහ ද්වේශ සහගත කරුණු සමාජ මාධ්‍ය ඔස්සේ ද උඩුගත කරමින් සිටිනබව වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජරත්නම් කොහොමද දන්නේ ඇත්තද බොරුද කියලා. එතැන හිටපු මිනිස්සු තමයි දන්නේ. ඇත්ත මොකක්ද කියලා තෝරදෙණියයි, ඉන්ද්‍රානන්දයි දන්නවා.
මාලිමාවුන් ආණ්ඩුවේ බලයේ රස බලන්න පටන් අරන්. ඉස්සර කිවූ රසකතා දැන් අමතකයි...
ලැජ්ජයි. තෝරදෙණිය වැරැදි නැතිනම් රුපියල් මිලියන ගණනින් ගෙවා තම නීතිඥයා කර ගනීද?
ජනරාල්ගේ කිල්ලෝටේ හුණු තියෙනවා වගේ හිතෙන්නේ නැද්ද..?
ආණ්ඩුවේ ලොකු ලොක්කොත් ඉන්නවා 88 පව් වලට සම්බන්ධ, එත් මම හමුදා නිළධාරීන්ට දොස් කියන්නේ නැහැ. ඔවුන් පවු කලේ අපව ආරක්ෂා කරගන්න ගිහින්. මිනීමරු ත්‍රස්තවාදීන් රට වනසන කොට කවුරුහෝ වීරයෙක් ඉදිරිපත් වෙලා රට බේරාගන්න ඕන, බෝසත් ජීවිතයකින් රට බේරාගන්න බැහැ.