IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


තෝරදෙණියගේ පැමිණිල්ලට ඉන්ද්‍රානන්දට කොන්දේසි සහිත වාරණයක්

(රෝෂන් තුෂාර)

විශ්‍රාමික මේජර් ජනරාල් අශෝක තෝරදෙණිය මහතා සම්බන්ධව මහජනතාව නොමඟ යවන සුළු අසත්‍ය සහ ද්වේශ සහගත ප්‍රකාශ විද්‍යුත් ,මුද්‍රිත මාධ්‍යයට නිකුත් කිරීම, හා සමාජ මාධ්‍යය හරහා පළ කිරීම වළක්වමින් හිටපු පළාත් සභා මන්ත්‍රී හා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභා සාමාජික හිටපු පළාත් සභා මන්ත්‍රී ඉන්ද්‍රානන්ද ද සිල්වාට කොන්දේසි සහිත වාරණ ආඥාවක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (16)නිකුත් කළේය.

විශ්‍රාමික මේජර් ජනරාල් අශෝක තෝරදෙණිය මහතා විසින් 2024 අංක 9 දරණ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ 24 වන වගන්තිය යටතේ උතුරු මැද පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ඉන්ද්‍රානන්ද ද සිල්වා විත්තිකරු කරමින් පැවරූ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව මෙම වාරණ ආඥාව ලබන 30 දින දක්වා බල පැවැත්වෙන පරිදි නිකුත් කළේය.

පැමිණිල්ල වෙනුවෙන් ජනාධිපති නිතීඥ සංජේ රාජරත්නම්, නීතීඥ සුදත් ජයසුන්දර මහත්වරුන් අධිකරණය ඉදිරියේ කරුණු දැක්වීය.

ජනාධිපති නිතීඥ සංජේ රාජරත්නම් මහතා කරුණු දක්වමින් කියා සිටියේ විත්තිකරු විසින් පැමිණිලිකාර අශෝක තෝරදෙණිය මහතා සම්බන්ධයෙන් අසත්‍ය සහ ද්වේශ සහගත කරුණු මාධ්‍යයට ඉදිරිපත් කරමින් සිටින බවය.

එම අසත්‍යය සහ ද්වේශ සහගත කරුණු සමාජ මාධ්‍ය ඔස්සේ ද උඩුගත කරමින් සිටිනබව වැඩිදුරටත් සඳහන් කළේය.

 



අදහස් (6)

තෝරදෙණියගේ පැමිණිල්ලට ඉන්ද්‍රානන්දට කොන්දේසි සහිත වාරණයක්

dds Wednesday, 16 April 2025 06:46 PM

රාජරත්නම් කොහොමද දන්නේ ඇත්තද බොරුද කියලා. එතැන හිටපු මිනිස්සු තමයි දන්නේ. ඇත්ත මොකක්ද කියලා තෝරදෙණියයි, ඉන්ද්‍රානන්දයි දන්නවා.

:       4       27

හෘද සාක්ෂිය Thursday, 17 April 2025 02:27 AM

කාට බොරු කෙරුවත් තමන්ට බොරු කරන්න බෑ. ඩිමෙන්ෂියා හැදිලා නැත්තම් තමුන් කළ දේ තමුන් දනී.

:       0       0

ගුණරත්න Wednesday, 16 April 2025 08:49 PM

මාලිමාවුන් ආණ්ඩුවේ බලයේ රස බලන්න පටන් අරන්. ඉස්සර කිවූ රසකතා දැන් අමතකයි...

:       2       0

Neela Wednesday, 16 April 2025 11:13 PM

ලැජ්ජයි. තෝරදෙණිය වැරැදි නැතිනම් රුපියල් මිලියන ගණනින් ගෙවා තම නීතිඥයා කර ගනීද?

:       0       0

Lalla Thursday, 17 April 2025 09:48 AM

ජනරාල්ගේ කිල්ලෝටේ හුණු තියෙනවා වගේ හිතෙන්නේ නැද්ද..?

:       0       1

ගුණරත්න Thursday, 17 April 2025 01:11 PM

ආණ්ඩුවේ ලොකු ලොක්කොත් ඉන්නවා 88 පව් වලට සම්බන්ධ, එත් මම හමුදා නිළධාරීන්ට දොස් කියන්නේ නැහැ. ඔවුන් පවු කලේ අපව ආරක්ෂා කරගන්න ගිහින්. මිනීමරු ත්‍රස්තවාදීන් රට වනසන කොට කවුරුහෝ වීරයෙක් ඉදිරිපත් වෙලා රට බේරාගන්න ඕන, බෝසත් ජීවිතයකින් රට බේරාගන්න බැහැ.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 740 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2398 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site