IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


තොරතුරු පද්ධතිය හාන්සි: සමාගම් ලියාපදිංචිය කොටඋඩ

(සුජිත් හේවාජුලිගේ)

තොරතුරු පද්ධතිය බිඳවැටීම හේතුවෙන් සමාගම් රෙජිස්ටර් කාර්යාලයේ සමාගම් ලියාපදිංචි කටයුතු සම්පූර්ණයෙන්ම අඩපණ වී ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ හේතුවෙන් දිනකට රුපියල් ලක්ෂ තිහකට වැඩි පාඩුවක් සිදුවන බව වාර්තාවේ.

සමාගම් රෙජිස්ටාර් කාර්යාලයේ දත්ත පද්ධතියට අදාල ගිවිසුම පසුගිය මැයි මස 31 වැනිදා අවසන් වීමෙන් පසු එම පද්ධතිය මෙසේ අඩපණවීඇත.

මෙහි පිළිසකර කටයුතු එම කාර්යාලයේ තොරතුරු  කළමනාකරණ කණ්ඩායම යුද හමුදාවේද සහාය ඇතිව කරගෙන යන නමුත්  දත්ත පද්ධතියේ  ක්‍රියාකාරීත්වය  ඉතාම මන්දගාමී මට්ටමක පවතින බව  එහි නිලධාරිනියක් පැවසුවාය.

මෙහි මුල්ම කඩා වැටීම සිදුවී ඇත්තේ ජුලි  12  වැනිදාය. එදින සිට සතියක කාලයක් සම්පූර්ණයෙන්ම ඇණ හිටි බව දැනගන්නට ඇත.

මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී අදහස් දැක්වූ වෙළෙඳ අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු  පැවසුවේ පිළිසකර කිරීමේ කටයුතුවල යෙදී සිටින කණ්ඩායමට එම පිළිසකර කටයුතු සඳහා අනිද්දා  බදාදා දිනය තෙක් කල් ලබා දෙන බවයි.

යුද හමුදාවේ කණ්ඩායමට මෙය පිළිසකර කිරීමට හැකි වෙතැයි විශ්වාස කරන බවද ඔහු ප්‍රකාශ කළේය.

සමාගම් රෙජිස්ට්‍රාර්  කාර්යාලයේ වැඩ කටයුතු මෙසේ අඩපණවීමෙන් එහි සේවය ලබා ගැනීමට පැමිණි විශාල පිරිසක් දුෂ්කරතාවයට පත් වූහ.



අදහස් (3)

තොරතුරු පද්ධතිය හාන්සි: සමාගම් ලියාපදිංචිය කොටඋඩ

de silva Tuesday, 12 August 2025 06:38 AM

සමාගම් ලියාපදිංචි වැනි ව්‍යාපාරික අවශ්‍යතා වලට සරිලන මෘදුකාංග හදන්න හමුදාව යොදවල හරියනවද ? අදාළ ගිවිසුම අවසන්වීමට ප්‍රමාණවත් කාල සීමාවකට කලින් ටෙන්ඩර් කැඳවල, සුදුසු සමාගමක් සමග ගිවිසුම් ගත වෙන එක නේද කල යුත්තේ , මුකුත්ම නොකර ඉඳල අවසානේ බැරිම තැන හමුදාව කැඳවල වැඩේ අවුල් වෙලා ලක්ෂ 30 පාඩු වෙලා , මෙම පාඩුව දරන්නේ අමතිද ? එහෙම නැතිනම් අධාල නිලධාරින්ද ? රටේ බදු ගෙවන ජනතාවද ? මුකුත්ම නොකර බොරු කිය කිය හිටියම රට දියුණු වෙනවද ?

:       0       1

de silva Tuesday, 12 August 2025 06:40 AM

කතාකරන්නේ මහා ලොකු ඩිජිටල් ආර්ථිකයක් හදන්න , අන්තිමේ බැලුවහම සමාගම් ලියාපදිංචිය වත් කලට වෙලාවට කරගන්න මෘදුකාංග සමාගමක් තෝර ගන්න ටෙන්ඩර් එකකවත් දමාගන්න බැහැ ,

:       0       2

Apakirhi Tharan Go Tuesday, 12 August 2025 10:55 AM

මෙය කඩාකප්පල්කාරි ක්‍රියාවක් නෙවෙයි . අපිට මැනුවල් ඕනේ

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 219 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2081 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1593 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site