
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මන්ත්‍රීවරයෙක්ද ඇමතිවරයෙක්ද හිටපු ජනාධිපතිවරයාද කියා තරාතිරමක් නොබලා සියලු දෙනාට නීතිය ක්‍රියාත්මක වෙමින් තිබෙන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
"යම් අයෙක් වරදක් කර තිබේ නම් ඔහු නීතිය ඉදිරියට ගේන්න කිසි විට අප පසුබට වන්නේ නැහැ.නීතිය ක්‍රියාත්මක වීම තරාතිරම බලා සිදුවෙන දෙයක් නොවේ.අපරාධයක් වූ විට එහි වින්දිතයන්ට නීතිය ක්‍රියාත්මක විය යුතුයි.
එය ජාතික ජන බලවේගයේ ප්‍රධාන අරමුණයි.හැම වින්දිතයකුටම සාධාරණත්වය ඉටුකරන බවට අප සහතිකයක් දෙනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ වුණාට අර බීලා රිය පදවපු පොලිසියේ මහත්තයා නම් එළියේ. උසාවියෙන් අත්අඩංගුවට ගන්න කියපු ආණ්ඩුවේ ඇමැති තාම එළියේ...
හැබැයි ටිරාන් අලස්, "ඉංජිනේරු" කුමාර ජයකොඩි, පොට්ට වසන්ත, මහින්ද ජයසිංහ වගේ එවුන්ට අධිකරණයෙන් නියෝග දීලත් නීතිය ක්‍රියාත්මක වෙන්නැත්තේ මොකෝ ආයුබෝං?
එහෙමද? එතකොට කන්ටේනර් 323 හොරට පන්නන්න නියෝගය දීපු ඇමැතිවත් ඉක්මනට කුදලලා ගනියි නේද?
ජය වේවා!
රනිල් එළියට ඇවිත් ජාත්‍යන්තර මාධ්‍යයට කියන්නේ මොකක්ද? ඔහු කියනවා JVP පක්ෂයට පක්ෂපාතී යූ ටියුබ්කරුවෙක් කලින් දවසේ ඔහුගේ අත්අඩංගුවට ගැනීම ගැන දැනුම් දුන්නා කියලා. මම මර්වින් වගේ ඇමතිවරුන් දැකලා තියෙනවා, නමුත් පොලිස් ඇමතිවරයෙක් විදිහට මෙහෙම කෙනෙක් දැකලා නැහැ...
කරන්න ඕන වැඩ පැත්තක තියෙද්දී විකාර නටනවා. අන්තිමට ඔළුවෙත් පහරලා තමයි පස්ස බලන්නේ...
වහලුන්ට නම් කාගෙන ඉන්ඩ බැරුව වගේ? නීතීගරුක සිෂ්ට සම්පන්න රටවල නීතීය කාටත් පොදුයි.. අපේ රටේ මෙතෙක් හිටපු දූෂිතම දේසපාලුවෝ අදිකරණය පවා දේසපාලණීකරණය කරලයි තිබුනේ? ඒ තත්ත්වය වෙනස් වෙමින් පවතිනවා?