
(අංජුල මහික වීරරත්න)
එඩින්බරෝ ආදිපාද ජාත්‍යන්තර තිළිණ වැඩසටහන වෙනුවෙන් ජාතික තරුණ සේවා සභාවට වසර 45 කට පසු පළමු වරට පූර්ණ NAO බලපත්‍රයක් හිමිවී තිබේ.
රටවල් 130ක ක්‍රියාත්මක එඩින්බරෝ ආදිපාද තිලිණ වැඩසටහන, ජාතික තරුණ සේවා සභාව මගින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙයි. තරුණ තරුණියන්ගේ පෞරුෂත්වය, නායකත්වය, කුසලතා වර්ධනය කරමින් ජාතික හා ජාත්‍යන්තර අභියෝග ජයගත හැකි තාරුණ්‍යයක් නිර්මාණය කිරීම එඩින්බරෝ වැඩසටහනේ අරමුණයි.
පසුගිය කාල සීමාවේ නිසි ක්‍රමවේද යටතේ සක්‍රීය නොවුනු මෙම වැඩසටහන ජාතික තරුණ සේවා සභාවේ අධීක්ෂණය යටතේ නැවත නිවැරදි ක්‍රියාවලියකින් සාධනීය වර්ධනයක් අත්පත් කරගැනීම හේතුවෙන් බ්‍රිතාන්‍ය රාජකීය පවුලෙන් මෙම විශේෂ බලපත්‍රය හිමිව තිබීම විශේෂත්වයක් බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යංශය පවසයි. එඩින්බරෝ සභා අධ්‍යක්ෂක මණ්ඩලය සහ ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂක ජනරාල් නීතීඥ සුපුන් විජේරත්න මහතා සමඟ මේ පිළිබඳව සාකච්ඡාවක් මහරගම තරුණ සේවා සභා අධ්‍යක්ෂක මණ්ඩල කාර්යාලයේ දී පැවැත්විණි.
එඩින්බරෝ තිළිණ ඒකකයේ වත්මන් ජාතික අධ්‍යක්ෂක රමනන් සෙල්වනාතන් මහතා ඇතුළු පිරිසක් මීට සහභාගී වූහ.
2025 නොවැම්බර් මස 04
306
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2126
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1616
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තරුණ සේවා සභාවට එඩින්බරෝ ආදිපාද තිළිණ බලපත්‍රය