
(යොහාන් භාසුර)
‘සිපෙට්කෝ’ ඉන්ධන පිරවුම්හල්හිමියන්ට ගෙවූ සියයට 3 වට්ටම් මුදල අඩු කිරීමේ තීරණයේ කිසිඳු වෙනසක් නොමැති බවත් බලශක්ති අමාත්‍යවරයාගේ සහ ජනාධිපතිවරයාගේ තීරණයත් එයම වීම නිසා එම තීරණ වෙනස් නොවන බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමණාකර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ මහතා අද (3) පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය.
‘සිපෙට්කෝ’ ඉන්ධන පිරවුම්හල්හිමියන් සමඟ හෙට (4) පෙරවරුවේ පැවැත්වෙන සාකච්ඡාවේදී සියයට 3 ක වට්ටම් මුදල අඩු කිරීමට අදාල පැහැදිළි කිරීමක් පමණක් කිරීමට බලාපොරොත්තු වන බව කී නෙත්තිකුමාරගේ මහතා පිරවුම්හල්හිමියන් රුපියල් 63,000 ක් පමණක් ලාභ ලබන්නේ යැයි ප්‍රකාශ අසත්‍ය මෙන්ම ඔවුන් ලක්‍ෂ ගණනින් ලාභ ලබන බව ද සඳහන් කළේය.
සියයට 3 ක වටට්ම අඩු කිරීම පිළිබඳව ජනමාධ්‍යයට ප්‍රකාශ දෙන බොහෝ පුද්ගලයන් ‘සිපෙට්කෝ’ පිරවුම්හල්හිමියන් නොවන බවත් ඔවුන්ට වට්ටම පිළිබඳව ගැටලුවක් පවතින්නේ නම් අදාල සමාගම් සමඟ සාකච්ඡා කළ යුතු බවත් ඒ මහතා කීය.
දෙමටගොඩ පිහිටි ලංකා ඛනිජ තෙල් සංස්ථා මූලස්ථානයේදී අද පෙරවරු පැවැත්වීමට නියමිත සාකච්ඡාවට ‘සිපෙට්කෝ’ පිරවුම්හල්හිමියන්ට පමණක් ආරාධනා කර ඇති බවත් එම සාකච්ඡාවට වෙනත් පිරවුම්හල්හිමියන්ට සහභාගිවිය නොහැකි බවත් මයුර නෙත්තිකුමාරගේ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බිස්නස් කරන්න දන්නේ නැති උන් මේ. කඩේකට බඩු දාන්නෙත් වෙළෙන්දා ළඟටම බඩු ගෙනත් දීලා 1:1 තරම් ලාභ රෙට්ටුවක් දීලා බඩුව විකුනාගන්නවා. අපේ මෝඩ මරි මෝල් ආණ්ඩුවේ බිසිනොස් ලොක්කෝ තමන්ගේ බිස්නස් කඩාගන්නවා අරුන් වැඩියෙන් හොයනවා කියල, ඔය කුහක සමාජවාදී චින්තනේ තමයි මේ රටට වැදුණු හේනේ.
හොඳ වැඩේ....... මේ විකාර ඔක්කොම නවත්තන්න ඕන.
නිවැරදි තීරණයක්