
(යොහාන් භාසුර)
‘සිපෙට්කෝ’ ඉන්ධන පිරවුම්හල්හිමියන්ට ගෙවූ සියයට 3 වට්ටම් මුදල අඩු කිරීමේ තීරණයේ කිසිඳු වෙනසක් නොමැති බවත් බලශක්ති අමාත්‍යවරයාගේ සහ ජනාධිපතිවරයාගේ තීරණයත් එයම වීම නිසා එම තීරණ වෙනස් නොවන බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමණාකර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ මහතා අද (3) පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය.
‘සිපෙට්කෝ’ ඉන්ධන පිරවුම්හල්හිමියන් සමඟ හෙට (4) පෙරවරුවේ පැවැත්වෙන සාකච්ඡාවේදී සියයට 3 ක වට්ටම් මුදල අඩු කිරීමට අදාල පැහැදිළි කිරීමක් පමණක් කිරීමට බලාපොරොත්තු වන බව කී නෙත්තිකුමාරගේ මහතා පිරවුම්හල්හිමියන් රුපියල් 63,000 ක් පමණක් ලාභ ලබන්නේ යැයි ප්‍රකාශ අසත්‍ය මෙන්ම ඔවුන් ලක්‍ෂ ගණනින් ලාභ ලබන බව ද සඳහන් කළේය.
සියයට 3 ක වටට්ම අඩු කිරීම පිළිබඳව ජනමාධ්‍යයට ප්‍රකාශ දෙන බොහෝ පුද්ගලයන් ‘සිපෙට්කෝ’ පිරවුම්හල්හිමියන් නොවන බවත් ඔවුන්ට වට්ටම පිළිබඳව ගැටලුවක් පවතින්නේ නම් අදාල සමාගම් සමඟ සාකච්ඡා කළ යුතු බවත් ඒ මහතා කීය.
දෙමටගොඩ පිහිටි ලංකා ඛනිජ තෙල් සංස්ථා මූලස්ථානයේදී අද පෙරවරු පැවැත්වීමට නියමිත සාකච්ඡාවට ‘සිපෙට්කෝ’ පිරවුම්හල්හිමියන්ට පමණක් ආරාධනා කර ඇති බවත් එම සාකච්ඡාවට වෙනත් පිරවුම්හල්හිමියන්ට සහභාගිවිය නොහැකි බවත් මයුර නෙත්තිකුමාරගේ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 04
803
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2453
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1768
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
’’තීරණයේ වෙනසක් නෑ’’ ඛනිජ තෙල් අධ්‍යක්ෂ කියයි
ගුණරත්න Monday, 03 March 2025 06:16 PM
බිස්නස් කරන්න දන්නේ නැති උන් මේ. කඩේකට බඩු දාන්නෙත් වෙළෙන්දා ළඟටම බඩු ගෙනත් දීලා 1:1 තරම් ලාභ රෙට්ටුවක් දීලා බඩුව විකුනාගන්නවා. අපේ මෝඩ මරි මෝල් ආණ්ඩුවේ බිසිනොස් ලොක්කෝ තමන්ගේ බිස්නස් කඩාගන්නවා අරුන් වැඩියෙන් හොයනවා කියල, ඔය කුහක සමාජවාදී චින්තනේ තමයි මේ රටට වැදුණු හේනේ.
අරවින්ද මොණරවිල Tuesday, 04 March 2025 12:59 PM
රටේ වාසනාවට ගුණරත්න වගේ අය සීයට තුනට බැස්සේ, එහෙම නැත්නම් මේක බොහොම ඉක්මනට සූඩානයක් හරි බංග්ලාදේශයක් වෙනවා .
Mahajanathawa Monday, 03 March 2025 06:34 PM
හොඳ වැඩේ....... මේ විකාර ඔක්කොම නවත්තන්න ඕන.
THUSHARA WIJETHUNGE Monday, 03 March 2025 06:44 PM
නිවැරදි තීරණයක්