
(යොහාන් භාසුර)
මහනුවර, පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (11) ආරම්භ වූ ‘ලංකා ටී10 සුපර් ලීග්‘ ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෙක්ට තරග මුදලට පාවාදීමට යෝජනා කළේ යැයි කියන සිද්ධියකට ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමට ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකයේ නිලධාරී කණ්ඩායමක් මහනුවරට ගොස් ඇති බව වාර්තාවේ.
තරග පාවාදීමට යෝජනා කළේ යැයි කියන සිද්ධිය පිළිබඳව අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී) ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකයට පැමිණිලි කර ඇති බව ද දැනගන්නට තිබේ.
චෝදනාව එල්ල වී ඇති ඉන්දීය ජාතිකයා මෙම තරගාවලියට සහභාගී වන කණ්ඩායමක අයිතිකරුවකු බවත් ඔහු විසින්ම අදාළ ක්‍රීඩකයාට තරග පාවාදීමට යෝජනා කර ඇති බවත් වැඩිදුරටත් වාර්තාවේ.
මහනුවර බලා පිටත්ව ගොස් ඇති පොලිස් කණ්ඩායමට ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකයේ ඉහලතම නිලධාරීන් ද එක්ව සිටින බවත් ඊට අමතරව තවත් නිලධාරීන් කණ්ඩායමක් අද (11) රාත්‍රියේ මහනුවර බලා පිටත්ව යාමට නියමිතව තිබූ බවත් වැඩිදුරටත් සඳහන් වේ.
මෙම තරගාවලියට සහභාගී වන කණ්ඩායම් හයට විදේශ ක්‍රීඩකයෝ 30 ක් පමණ ඇතුළත්ව සිටිති.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධානය කරන 'ලංකා ටී10 සුපර් ලීග්‘ ක්‍රිකට් තරගාවලිය මේ මස 19 වැනිදා දක්වා පැවැත්වේ.
Reply Forward Add reaction
2025 දෙසැම්බර් මස 18
571
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
283
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තරග පාවාදෙන්න යෝජනා කළ ඉන්දියානුවා අල්ලන්න පොලිසි යයි
B Amarasinghe Thursday, 12 December 2024 06:31 AM
තරඟ ඇල් මැරිලා වගේ. අපේ ක්ලබ් මැච්වලටත් ප්‍රචාරය දෙන espn වත් මේකට ප්‍රචාරය දෙන්නේ නෑ.