
(අංජුල මහික වීරරත්න)
ත්‍රිකුණාමලය ඉහළ ටැංකි අංගනයේ ටැංකි විසි හතරක් සංවර්ධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකා රජය, ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව, ලංකා ඉන්දියානු තෙල් සමාගම සහ ත්‍රිකුණාමල ඛනිජතෙල් පර්යන්ත සමාගම විසින් චීන වරායේ තෙල් ටැංකි අංගනයෙහි හිමිකාරීත්වය, සංවර්ධනය සහ භාවිතය සඳහා වන ගිවිසුමකට 2022-01-06 දින අත්සන් තබා ඇත.
එම ගිවිසුමේ විධිවිධාන පරිදි ත්‍රිකුණාමල ඉහළ ටැංකි අංගනයේ ඇති ටැංකි විසි හතරක් (24) ගිවිසුම ආරම්භ වන දිනයේ සිට වසර 50ක කාලයක් සඳහා ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව වෙත බදු පදනම මත ලැබී ඇත.
එකී තෙල් ටැංකි සංවර්ධනය කිරීම වසර 03 ක් ඇතුළත නිම කිරීමේ අරමුණ ඇතිව තුන් අවුරුදු ව්‍යාපෘතියක් සැලසුම් කර ශක්‍යතා අධ්‍යයනයක් ඇතුළු මූලික ව්‍යාපෘති කටයුතු ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් සිදු කරනු ලැබ ඇත.
එම ව්‍යාපෘතිය සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා දුම්රිය සේවය, සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය ඇතුළු අදාළ පාර්ශ්වයන්ගේ අනුමැතින් මේ වන විට ලබා ගෙන තිබේ. ඒ අනුව, මහා භාණ්ඩාගාරයට වැය බරක් නොවන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථවේ අරමුදල් මඟින් යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමතකරන ලදී.
2025 නොවැම්බර් මස 04
803
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2453
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1768
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 24ක් සංවර්ධනයට
Mahajanathawa Tuesday, 04 March 2025 12:16 PM
නියම වැඩක්.......
Wanniarachchi Tuesday, 04 March 2025 01:03 PM
හොඳ වෙලාවට මේක ජෙප්පෝ පටන් ගත්තේ. වෙන පක්ෂයකින් පටන් ගත්තනම් මෙතන වෙලලෙන හැටි බලන්න තිබ්බ
ranjith Tuesday, 04 March 2025 01:06 PM
මේ බදු මුදල් රජයටද?
අරවින්ද මොණරවිල Tuesday, 04 March 2025 02:33 PM
2022.01.06 වන දින ගිවිසුම අත්සන් කරන විට රටේ ජාතික ජනබල වේගයේ ආණ්ඩූවක් හොද වෙලාවට තිබුණේ කියලා හිතාගෙන සැනසෙන බයියන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් රකිමුද ?
Roshan Tuesday, 04 March 2025 04:10 PM
පර්යේෂණ නැව් එහෙම මේ දවස්වල එන්නේ නැද්ද?
ගුණරත්න Tuesday, 04 March 2025 07:13 PM
අර කෝටි ගාණක් වියදම් කරලා සයිලෝ රිපෙයා කළා, ගබඩා රිපෙයා කළා... දැන් වී මිටි කී දාහක් එවැයි තියෙනවාද?
Dial Tuesday, 04 March 2025 10:51 PM
ඕවා කරේ ගෝඨාභයගේ කාලේ, කවුද බං රවට්ටන්නේ, සහෝදර හරක්ද?