IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


තබ්බෝව මහ පාළම තාවකාලික පාලමක්

(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ ජයරත්න වික්‍රමාරච්චි )

මහ වැසි සමඟ කඩාගෙන ගිය තබ්බෝව මහ පාළම මත තාවකාලික යකඩ පාළමක් යොදා ගමනා ගමන කටයුතු වලට කඩිනමින් ඉදිකරමින් ඇති බව මාර්ග සංවර්ධන අධිකාරීය පවසයි.

පුත්තලම අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ තබ්බෝව ජලාශය මැදින් මු මාර්ගයෙ පිහිටි මෙම දැවැන්ත පාලම පසුගිය 29 දින කඩා ගෙන ගොස් තිබුනේ ඉහල ජලධාරා ප්‍රාදේශ වලින් ගලා ආ දැවැන්ත ජල කද හේතුවෙන් බව කියයි.

එලෙස තබ්බෝව පාලම කැඩි යාමත් සමග පුත්තලම අනුරාධපුර මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පුර්ණයෙන් නැවති තිබේ.

කෙසේ වෙතත් කැඩි ගිය පාලම මත මාර්ග සංවර්ධන අධිකාරියෙ පාලම් ඒකකය මගින් දැවැන්ත යකඩ පාලමක් යොදා ගනිමින් එහි මේ වන විට අදාල ඉදිකිරීම් කරගෙන යාම දැක ගත හැකිය.

අදාල පාලම ඉදිකිරීමට සතියකට වැඩි කාලයක් ගත වුවත් යුධ හමුදාවේ තබ්බෝව කදවුරු නිළධාරින් හා මාර්ග සංවර්ධන සංවර්ධන අධිකාරියේ සේවකයින්ගේ සහයෙන් මේ වන විට පාලම ඉදි වෙමින් ඇති අතර දින තුනක් තුලදි මෙම පාලම ඉදිකර අවසන් කිරීමට කටයුතු කරන බව යුද හමුදාව පවසයි.

(ඡායා ජයරත්න වික්‍රමාරච්චි)

 



අදහස් (2)

තබ්බෝව මහ පාළම තාවකාලික පාලමක්

රනේ Wednesday, 03 December 2025 04:00 PM

අපිට ඔබ ගැන ආඩම්බරයි..!

:       0       24

Bunny Preena Saturday, 06 December 2025 10:49 AM

අතන මෙතන කොතන ගියත් උදව්වට ඉන්නේ හමුදාවයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 206 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 381 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 384 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site