
(අංජුල මහික වීරරත්න)
තැපැල් දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු සියලුම නිලධාරීන්ගේ නිවාඩු හෙට(17) සිට අවලංගු කරමින් තැපැල්පති එස්.ආර්.ඩබ්.එම්.ආර්.පී.සත්කුමාර මහතා නිවේදනයක් නිකුත් කර ඇත.
අදාළ නිවේදනයට අනුව තැපැල් දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු සියලුම නිලධාරීන්ගේ නිවාඩු 2025.08.17 දින සිට අවලංගු කර ඇති අතර ඒ බව අදාළ සියලුම නිලධාරීන්ට දැනුම් දීමට කටයුතු කරන ලෙස තැපැල් දෙපාර්තුමේන්තුවේ සියලුම නියෝජ්‍ය තැපැල්පතිවරුන්, ප්‍රධාන ගණාකධිකාරී, ප්‍රධාන අභ්‍යන්තර විගණක, ප්‍රධාන ගණාකධිකාරී (මුද්දර) වෙත දැනුම්දීම් කර ඇත.
එමෙන් ම ලිපියේ පිටපත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු තැපැල් සේවාවට සම්බන්ධ සියලු ආයතන ප්‍රධානීන් වෙත යොමු කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd