
(අංජුල මහික වීරරත්න)
151 වන ලෝක තැපැල් දිනයට සමගාමීව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ ඇල්ල තැපැල් කාර්යාලයේ සංචාරක නිවාසය සහ මුද්දර කාර්යාංශ කවුළුව විවෘත කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
මෙම ව්‍යාපෘති ද්විත්වයම තැපැල් දෙපාර්තමේන්තුවට අදායම් උත්පාදනය කිරීමේ ව්‍යාපෘති වන අතර, මෙම ව්‍යාපෘති මගින් තැපැල් දෙපාර්තමේන්තුවේ අදායම් තත්ත්වය ඉහළ නංවාලීම ප්‍රමුඛ අරමුණ විය.
ශ්රී ලංකා තැපෑල මෙරට සංචාරක ව්‍යාපාරය වර්ධනයට දායකත්වය සැපයීමක් ලෙස ද මෙම ව්‍යාපෘති හදුන්වා දිය හැකි බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී කීය.
අභියෝගාත්මක අනාගතයකට ශක්තිමත්ව මුහුණ දීමට නව්‍යකරණය හා බැදුණු ධනාත්මක පරිවර්තනයක් අවශ්‍ය බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
සංචාරක නිවහනේ නාම පුවරුව විවෘත කිරීම, විදුලි ආලෝකය ක්‍රියාත්මක කිරීම, විදේශීය සංචාරකයින් තිදෙනෙකු සහ දේශීය පාරිභෝගිකයින් සඳහා සමරු මුද්දර අලෙවිය, සංචාරක නිවාසයේ ප්‍රථම වෙන් කිරීම සිදු කිරීම ද අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සහ තැපැල්පති රුවන් සත්කුමාර මහතාගේ සහභාගීත්වයෙන් මෙහි දී සිදූවිය.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
තැපෑල ඇල්ලේ ඩොලර් හොයන වැඩක් අරඹයි