(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මහරගම පන්නිපිටිය හයිලෙවල් මාර්ගයේ මුදල් ඔට්ටුවට ඝෝෂාකාරී අන්දමින් තනි රෝදයෙන් යතුරු පැදි සහ තීරෝද රථ පැදවූ තරුණයන් 18 කු අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය කියයි.
එම සැකකාර තරුණයන් සමග යතුරුපැදි 11 ක් හා ත්‍රී රෝද රථයක්ද පොලිස් භාරයට ගෙන ඇත.
වට්සැප් සමූහයක් ඔස්සේ එකිනෙකා සම්බන්ධ වී මුදල් ඔට්ටුවට තරුණයන් පිරිසක් යතුරු පැදි සහ තීරෝද පැදවීමට සූදානමක් පවතින බවට මහරගම පොලිසියේ රථ වාහන අංශයට දින කීපයකට පෙර ලද තොරතුරකට අනුව එහි නිලධාරියෙකුට ඉතා සූක්ෂම ලෙස එම වට්සැප් සමූහයට සූක්ෂම ලෙස යොමුවීමට හැකියාව ලැබුණ බව පොලිස්නිලධාරියෙක් පැවසීය.
ඊට අමතරව යතුරුපැදි මහ හඬ නංවමින් ඒ මේ අත ධාවනය කිරීමෙන් තමන්ට හරි හැටි නින්දක් නොමැති බවද පන්නිපිටිය ප්‍රදේශයේ ජනතාවගෙන් නිරන්තරයෙන් පෙරේදා (13) මධ්‍යම රාත්‍රියේ සිට පොලිසියට ලද ඇමතුම් කීපයක් අනුව ක්ෂණිකව ක්‍රියාත්මක වූ මහරගම පොලිසියේ නිලධාරීන් යතුරුපැදි ඒ ආකාරයෙන් අනාරක්ෂිත අයුරින් පදින අවස්ථාවේදීම සැකකරුවන් පිරිස කොටු කර ගැනීමට සමත්වීී ඇත.
ඇතැම් තරුණයන් තරුණියන් ද යතුරුපැදියේ පිටුපස හොවාගෙන තරඟයට යතුරු පැදි ධාවනය කරන අයුරු දැක ගත හැකි වූ බව පොලිසිය කියයි.
ඔවුන් මෙම යතුරුපැදී ධාවනය කිරීමේදී ඒ සඳහා පැමිණෙන තරුණයන් ආහාර ලබා ගැනීමෙන් අමතර ආදායමක් ලැබෙන බැවින් ඒ ආසන්නයේ රාත්‍රී ආපනශාලාවකද සහය යතුරුපැදිකරුවන්ට නොමද සහාය ලැබෙන බවත් බුද්ධි අංශ මඟින් වාර්තා වී ඇතැයිද පොලිසිය කියයි
පොලිස් නිලධාරින් එම ස්ථානය වටලන අවස්ථාවේදී ඇතැම් තරුණයන් එම ආපාන ශාලාවට කඩා වැදී ආහාර ලබා ගැනීමට පැමිණි පුද්ගලයන් සේ හැසිරී ඇතැයිද දැන ගන්නට ලැබී ඇතැයි පොලිස් නිලධාරියකු පැවසීය.
අත්අඩංගුවට ගත් තරුණයන් පිරිස හෝමාගම මහරගම මත්තේගොඩ කොට්ටාව සහ අවට පදිංචිකරුවන්ය.
එම තරුණයන් පිරිස නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
මහරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හර්ෂ ද සිල්වා මහතාගේ උපදෙස් මත රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අබේකෝන් පොලිස් සැරයන් වරුන් වන 39126 අරුණ ශාන්ත ,69596සම්පත් පොලිස් කොස්තාපල් වරුන් 51891ජීවන්ත 103383 සුදර්ශන 104878 රංගන , කාන්තා පොලිස් කොස්තාපල් 12027 හර්ෂණී මහත්ම මහත්මී හු හෝ පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 16
114
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
918
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
629
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
තනි රෝදෙන් බයිසිකල් පැදි 18 ක් අත්අඩංගුවට
සුහ_ද Sunday, 14 December 2025 03:18 PM
මේ බයිසිකල් තහනම් කරල කොටස් වලට විකුණන්න උසාවි නියෝග ගත්තොත් රජයට අමතර ආදායමක්. මේ අමතර මුදල් උපයන මාර්ග අපතේ යවන්න එපා.
Haseen Sunday, 14 December 2025 05:42 PM
නුවර කටුගස්තොට පාරෙත් පියා වගේ අමනයෝ කට්ටියක් ඉන්නවා. හැබැයි කටුගස්තොට පොලිසියෙන් නම් කිසි ගානක් නෑ.
සුදා Sunday, 14 December 2025 05:58 PM
තෙලේ යවලම අතාරින්න.
ලෙස්ලි Monday, 15 December 2025 07:56 AM
තරුණයිට තනිරෝදයෙන් බයිසිකල් පදින්න වෙනම පාරක් වෙන් කර දිපිය. එයත් ක්‍රිඩවක් නිසා
Lakpriya Tuesday, 16 December 2025 12:35 PM
හොදට නෙලන්න ඕනේ. අනිත් මිනිස්සු ගැන හිතන්නේ නැති අයට සිර දඩුවම් දෙන්න ඕනේ.