IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


’’තුන් පරපුරක තුන් පොත් රෑණ’’

(කවිදු දිල්ෂාන් සහ ගයාන් තිවංක)

ගීත රචකයෙක්, මාධ්‍යවේදියෙක් හා කතුවරයෙක් වන සමන් අතාවුදහෙට්ටි ලියූ "සමන් කියයි 2" ඔහුගේ දියණිය වන තාරකා අතාවුදහෙට්ටි ලියූ "චොකොහොලික් හීන" සහ ඇයගේ පුත්‍රයා වන තරුසර පෙරේරා ලියූ "Black Dragon - කළු මකරා" යන කෘති ත්‍රිත්වය දොරට වැඩීමේ උත්සවයක් කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයෙහි දී ඊයේ(12) පැවැත්විණි.

එක ම පවුලක පරම්පරා තුනක රචකයන් මෙම කෘති ත්‍රිත්වය රචනා කිරීම මෙහි විශේෂත්වය යි.

තරුසර පුතණුවන් ලියූ කළු මකරා කෘතිය එහි දී සුපවේදිනී අනෝමා විජේතුංග මහත්මියගේ විශේෂ ඇගයීමට ලක් විය.

එම කෘතිය සිංහල හා ඉංග්‍රීසි යන භාෂා දෙකෙන් ම රචනා කර තිබීමෙන් ඉංග්‍රීසි භාෂාව පිළිබඳ දැනුම අවම දරුවන්ට ද එය කියවීමෙන් ඉංග්‍රීසි භාෂා හැකියාව වර්ධනය කර ගත හැකි බව ඇය පැවසී ය.

ඔහුගේ සීයා සහ අම්මා ද පොත්පත් රචනා කිරීම ඔස්සේ එම ලේඛක පසුබිම දරුවාගේ ලේඛන ජිවිතයට දැඩි රුකුලක් වී ඇති බව ඇය වැඩි දුරටත් කියා සිටියා ය.

තරුසර පුතණුවන්ගේ සියා වන සමන් අතාවුදහෙට්ටි මහතාගේ සමන් කියයි 2 කෘතිය පිළිබඳ අදහස් දැක් වූ සම්මානිත මහාචාර්ය සරත් විජේසූරිය මහතා පැවසූයේ එම කෘතියෙහි විශේෂත්වය ඇත්තේ එහි උත්ප්‍රාසාත්මක භාෂා විලාසයේ බව ය.

ඔහුගේ දියණිය වන තාරකා අතාවුදහෙට්ටි මහත්මිය ලියූ කෘතිය ද උත්සවයට පැමිණ සිටි විද්වතුන්ගේ ඇගයීමට ලක් විය.

ඒ අනුව "තුන් පරපුරක තුන් පොත් රෑණ" නමින් පැවැත් වූ මෙම උත්සවය සඳහා පැමිණ සිටි අනෙකුත් විද්වතුන් වූ ඉන්දීය සංස්කෘතික කේන්ද්‍රයේ අධ්‍යක්ෂ මහාචාර්ය අන්කුරන් දත්තා, මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර, වෛද්‍ය හෙමන්ත පෙරේරා යන මහත්ම මහතමීහු එහි දී අදහස් දැක්වූහ.

නදික ගුරුගේ, සඳනි විජේතුංග හා රෙහාන් විතානගේ ඇතුළු පිරිස ගායනයෙන් උත්සවය වර්ණවත් කළහ.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)

 



අදහස් (8)

’’තුන් පරපුරක තුන් පොත් රෑණ’’

බකල ජයා Thursday, 13 March 2025 12:38 PM

දුවටයි, මුණුබුරාටයි අහවලත් එක්ක ෆොටෝ එකට නොඉන්න තරම් ආත්ම ගෞරවයක් තිබිලා තියෙනවා. සමන්ට ඕක නොකර ඉන්න බෑනේ. බිමල්ව ගෙන්නාගෙන වටිනාකමක් ගන්න. ඔන්න බජාගේ පොටෝ කියැවිල්ල....

:       8       34

ගුණරත්න Thursday, 13 March 2025 04:10 PM

මගේ සුබ පැතුම්, සමන් අතාවුදහෙට්ටි මහත්තයාගේ පොත් කියවන්න ආස හිතෙන හොඳ පොත්. ඒ මහතාගේ දරුවනුත් ඒ මග ම යාවි කියලා මම හිතනවා.

:       27       6

ජිල්බු Thursday, 13 March 2025 04:13 PM

අල්ජසීයා ලඟදීම .... ට.

:       2       23

කපුරු හාමි Thursday, 13 March 2025 05:09 PM

උත්සවයට ආරාධනා කරපු අය ඇවිත් තියෙන්නේ.. බකල ජායාට අවුල් ඇති...!

:       20       5

බකල ජයාThursday, 13 March 2025 05:57 PM

මට කොහොමත් අවුල්, නමින් කපුරුහාමි... හැබැයි සමන් අතාවුදහෙට්ටි මහත්තයාට මම ගරුකරනවා පණ්ඩිතයා ලඟ හිටියත්.

:       3       18

පොඩිඑකා Thursday, 13 March 2025 06:47 PM

ඔය එක්කම අපේ ආරාධිත සීයා ගැන ලියපු ‘බටලන්ද කොමිෂන් වාර්ථාව’ කියන ග්‍රන්ථයත් එලි දැක්වුවානං හරියටම හරි..!

:       0       12

ddsThursday, 13 March 2025 09:33 PM

නම පොඩිඑකා උනාට මොලේ ලොකුයි. ඇඟ පත ලොකු වයසින් ලොකු සමහර උන්ගෙ මොලේ පොඩි නිසා උන්ට මේවා තේරුම්ගන්න බැහැ. නැත්තං එක එක වාසි වලට නොතේරුණා වගේ ඉන්නවා.

:       1       5

ගුණරත්න Thursday, 13 March 2025 10:21 PM

මම කල්පනා කරන්නේ මගේ අදහස කියවල මාලිමාවුන්ට ජුවල් ගියේ මොකද කියල. ආණ්ඩුවට බැන්නේ නැහැ කියලද? ආණ්ඩුවට බනින්නවත් වටින්නේ නැහැ උන් ඒ තරම් තකතීරු බූරු රැළක්

:       7       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 273 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 802 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1212 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site