IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


ණය කල් දමා ගන්න හැටි සජිත් කියයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

පසුගිය ආණ්ඩුව ගෙනා කොන්දේසි වල සිර නොවී අලුත් කොන්දේසි වලට ගියා නම් ණය ගෙවීම 2033 දක්වා කල් ලබා ගන්න තිබූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

"මූල්‍ය අරමුදලේ කොන්දේසි වලට යට වෙන්නේ නැතිව ආණ්ඩුව ඔවුන්ගේ  වාර්තාව ක්‍රියාත්මක කරන්න. ආර්ථික අර්බුදය නිසා ව්‍යවසායන්  දෙලක්ෂ හැටදාහක් පමණ අසීරු තාවයකට ලක් වුණා.

අප කිසිවිටෙක කුහක දේශපාලනයක් කරන්නේ නැහැ.පසුගිය කාර්තු දෙකේ ආර්ථික වර්ධන ඉලක්ක අභිබවා ගිහින් තිබෙන බව ඇමතිවරයා කිව්වා. එය ඉතා හොඳ දෙයක්.ඇමරිකා ඩොලර් බිලියන 5.5ක වර්ධනයක සිට 2028 සිට වාර්ෂික විදේශ ණය ගෙවන්න සූදානම්ද? අප ඒ තත්ත්වයේ ඉන්නවාද?පසුගිය ආණ්ඩුව ගෙනා කොන්දේසි වල සිර නොවී අලුත් කොන්දේසි වලට ගියා නම් ණය ගෙවීම 2033 දක්වා කල් ලබා ගන්න තිබුණා. නමුත් එය කරගන්න බැරිවුණා.

අපේ දරිද්‍රතාවය  ජනගහනයෙන් සියයට පනහකට වඩා තිබෙන බව විෂය පිළිබඳ විශ්ලේෂකයන් පවසනවා. අස්වැසුම කියන්නේ පරිභෝජන ආධාරයක්. එයින් සම්පූර්ණ දුප්පත්කම දුරු වන්නේ නෑ. එයින් නිෂ්පාදනයක් ආයෝජනයක් සිදුවන්නේ නැහැ.ඒ නිසා අප රටේ දුප්පත්කම තුරන් කිරීම සඳහා පැහැදිලි වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතුයි යනුවෙන්ද විපක්ෂ නායකවරයා කීය.



අදහස් (5)

ණය කල් දමා ගන්න හැටි සජිත් කියයි

Perera Thursday, 25 September 2025 01:47 PM

කලින් තිබුණ ආණ්ඩුවල තමුන් ඉදගෙන පොල් ගාන එකද කලේ දැන් පණ්ඩිතකමට කියවන්නේ

:       0       33

Neel Thursday, 25 September 2025 02:11 PM

සජිගේ දේශපාලනය මුළු රටම දන්නවා ඒක ගැන අයේ අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඔබගේ මුල්‍ය පාලනය ගැන ඊයේ පාර්ලිමේන්තුවේ කතාවුනා ඉදිරියේදි කේස් පයිල් . පළමුව තමුන් ආදර්ශමත් වෙන්න ඕන....

:       1       33

Amila Thursday, 25 September 2025 02:24 PM

ඔයාලා දන්නේ ණය ගන්නයි, ණය කල් දාන්නයි, පිං පඩි ගන්නයි, වරප්‍රසාද ගන්නයි, අල්ලස් ගන්නයි විතරනේ. ණය ගෙවන්න අරමුණක් තියාගෙන, ඒ වෙනුවෙන් ප්‍රතිපත්ති හදල වැඩ කරනවානම් වෙලාවට ණය ගෙවන්න පුළුවන්. ඔයාලට බැරි දේවල් ගැන වැඩිය හිතන්න යන්න එපා. ඔයාලට කොහොමත් ණය ගෙවල පුරුද්දක් නැනේ.

:       1       32

Dasa P Thursday, 25 September 2025 06:07 PM

මෙයා කවද්ද රට පාලනය කළේ...?

:       0       8

අරවින්ද මොණරවිල Thursday, 25 September 2025 07:17 PM

නංගිට කියලා සල්ලි අච්චු ගහ ගත්තා නම් පට පට ගාලා ණයෙන් නිදහස් වෙන්න තිබුණා නේද නායකතුමෝ ?

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1766 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1451 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 520 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site