( කාංචන කුමාර ආරියදාස )
මුදල් ගණුදෙනුවක් සම්බන්ධයෙන් මිතුරන් දෙදෙනෙකු අතර ඇති වූ බහින් බස්වීමක් දුර දිග ගොස් මිතුරා එල්ල කළ පිහි පහරකින් අනෙක් මිතුරා මිය ගොස් ඇතැයි නාඋල පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ දඹුල්ල කළුන්දෑව කලෝගහඇල ප්‍රදේශයේ පදිංචි අලුත් ගෙදර නිරෝෂාන් මධුසංක කුමාරසිංහ විසි තුන හැවිරිදි එක් දරු පියෙකු බව නාඋල පොලිසිය කියයි.
නාවුල නිකුල ප්‍රදේශයේ පදිංචි තරුණයෙකුට ණයට ලබා දුන් රුපියල් හැත්තෑ පන්දහසක මුදල ඉල්ලා ගැනීම සඳහා ගිය අවස්ථාවේ දී නිකුල ප්‍රදේශයේදී මෙම ඝාතනය සිදු වී ඇතැයි පොලිසිය කියයි.
මියගිය තරුණයා ගොවිතැන් කරන අයෙකි . ඔහු කුඩා නිවසක වසර හතරක කුඩා පුතු සමඟ තනිව ජීවත් වෙන බවත් ඔහුගේ බිරිඳ මේ වන විට විදේශ රටක ගෘහ සේවය සඳහා පිටත්ව ගොස් ඇතැයි ඥාතීහු කියති.
මිය ගිය පුද්ගලයාගේ මව සඳහන් කළේ පුතාගේ බිරිද එවූ මුදල් මිතුරෙකුට ලබා දී කාලයක් ගත වී එය නොදීම නිසා දිවා කාලයේ ගොස් එම මුදල් ඉල්ලා සිටි බවයි.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ණයට දුන් මුදල යළි ඉල්ලුවැයි ඝාතනය කරලා
Neel Wednesday, 06 August 2025 10:18 AM
ණයට දීමෙන් මුදලත් මීතුරාත් යන දෙකම නැතිවේ. සහතික ඇත්ත..