(ඉන්දිකා රාමනායක)
බොදුබල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ මැදිහත්වීමෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට වයිරස් ප්‍රභේද හඳුනාගැනීමේ යන්ත්‍රයක් මිලදී ගැනීම සඳහා ලක්ෂ 70 ක මුල්‍ය පරිත්‍යාගයක් සිදු කළ බව එම සංවිධානය පවසය.
කොවිඩ් 19 ඩෙල්ටා ප්‍රබේදය රටපුරා පැතිර යාමත් සමගම එම ප්‍රභේදය ඇතුළු නව වයිරස් ප්‍රභේද හඳුනාගත හැකි යන්ත්‍රයක අවශ්‍යතාවය මහනුවර ප්‍රදේශයට ඉතා තදින්ම දැනුන බවත් බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා මේ බව බොදු බල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ව දැනුවත් කළ බවද එම සංවිධානය පවසයි.
ඥාණසාර හිමියන්ගේ ඉල්ලීමකට අනුව ඇමරිකාවේ වෙසෙන වෛද්‍ය වෝල්ටර් ජයසිංහ මහතා විසින් මෙම යන්ත්‍රය ලබා ගැනීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට එම මුදල පරිත්‍යාග කරන කළ බවද එම සංවිධානාත්මක සදහන් කරයි.
මෙම අවස්ථාවේදී ආණ්ඩුව කරන තුරුම නොසිට තමන්ට කල හැකි දේ සිදුකිරීමට ඉදිරිපත් වන ලෙසත් මෙම වසංගතයෙන් රටක් වශයෙන් ගොඩ ඒමට සියලු දෙනා එකමුතුව වැඩ කරන ලෙසත් මේ පිළිබඳව අප සිදුකල විමසීමකදී ඥානසාර හිමියෝ අවධාරණය කළහ.
COMMENTS
බොදුබල සංවිධානයට තව තවත් ශක්තිය ලැබේවා....!!!
අගය කළ යුතු දෙයක්. ශාසනික සේවය වඩාත් අගනේය. සිවුරක් දරා අනෙක් අරගල නොකරන්න...... මන්ද යත් ඇතැම් ස්වාමීන් වහන්සේලා වොයිස් කට් වෙනුවෙන් පමණක් කුමක් හෝ කර වඩාත් උත්සාහය කැපී පෙනීමට ය. ඒවායේ හරයක් නැත.... වචන හැසිරවීමද එතරම් හොඳ නැත..... එය උන්මාදයක් තරමට පත්වෙමින් පවතී.....
අද රටේ ඉනන හොදම ව්‍යාපාරිකයෝ ඒක පර්මිට් ඒකෙන් ගොඩ
කැලෑ කපන එකට යහපාලන කාලෙ කෑ ගැහැව්වට මේ ආණ්ඩුව කාලෙ කැලෑ විනාශයටවත් ගොවියන්ට නිසි දැනුවත් කිරීමෙන් තොරවූ වෙච්ච වගා විනාශයටවත් කථා කරන්න ආවෙ නැත්තෙ කට්ටියකගෙ වුවමනා එපාකම් ඉටු කරන නිසාද ? මෙහෙම කිව්ව නිසා කී දෙනෙක් ඊලඟ කැලෑ විනාශයෙදි කිඹුල් කඳුලු හෙලයිද දන්නෑ. මොකද වරින් වර වැඩ බැරි නාට්‍ය කාරයොනම් කරලියට එනවා. මෙය ප්‍රධානය කළ මහත්මයාට පිං.
ඔය කියන ඩෙල්ටා හඳුනා ගැනීමේ යන්ත්‍රයට ශ්‍රී ලාංකික වෛරස් හඳුනා ගැනීමට හැකියාවක් නැද්ද? ඩෙල්ටා වෛරසයටත් වඩා භයානක ලංකාවේ වෛරස් ටික හරියට හඳුනා ගත්තා නම් තමයි අපට හොඳ... ඇමරිකාවට පින්සිද්ධ වෙන්න ඩොලර් උපයන වෝල්ටර් මහත්තයාට ඩොලර් තිබුණාට, ශ්‍රී ලන්කන් වෛරස් ගැන නම් එතරම් අවබෝධයක් නැහැ වගේ කියලයි මට නම් හිතෙන්නේ...?
වැඩේ හොඳයි... පේරාදෙණියම මළකඩ කයිද? වැඩක් කරන්න කෙනෙක් නැතිව...
ඇමරිකාවේ වෙසෙන වෛද්‍ය වෝල්ටර් ජයසිංහ මහතා විසින් මෙම යන්ත්‍රය ලබා ගැනීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට එම මුදල පරිත්‍යාග කිරීම වෙනුවෙන් ස්තූතිය.