(නිමන්ති රණසිංහ)
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ආයතනයක ගිණුම් ලිපිකරුවකු ලෙස සිටිමින් ඇමරිකානු ඩොලර් දෙකෝටි විසි දෙලක්ෂ පනස් තුන් දහසක මුදලක් වංචනික ලෙස ශ්‍රී ලංකාවේ බැංකු ගිණුම්වලට බැර කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුලාවල මහතාට අද (22) කරුණු වාර්තා කළේය.
ඒ අනුව, වේලුපිල්ලේ පොන්නම්බලම් පරමලිංගම් හා ඔහුගේ බිරිඳ වන ශිව ශක්ති පරමලිංගම් යන අයගේ බැංකු ගිණුම්වලට අදාළ වාර්තා වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙසට මහේස්ත්‍රාත්වරයා මෙරට බැංකු තුනක් වෙත නියෝග නිකුත් කළේය.
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ T Choithran and sons LLC නැමැති ආයතනයේ හිමිකරු වන ලක්රාජ් තකූර්දාස් පගරානි මෙයිරා යන අය විසින් කරනු ලැබූ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මෝ තව කීප දෙනෙක් ඩුබායි යැව්වා නම්... රටම ගොඩ.
ඩොලර් එවන්න කියලා ආණ්ඩුව කන්නලව් කරන නිසා අනුන්ගේ මුදල් හරි ලංකාවේ ගිණුමට දැම්මා කියාවි..
ඇයි ඉතින් රජයෙන් නිතරම කියනවනේ ඩොලර් එවන්න කියලා. ඒ මනුස්සයා ඉතින් එයාට පුළුවන් ගණන දාන්න ඇති...
නමේ හැටියට නම් අර ඩයස්පෝරාව ගෑවිලා වගේ. අරගලේ මුලින් හිටිය අයට මුදල් ගෙවන්නත් ඕනෑනේ... හිතලුවක් විතරයි මේ...!
ලංකාවට ඩොලර් එවන්නලු. එව්වාමත් පරීක්ෂණ. අනේ මන්දා...?
කෝටි ගණන් ඩොලර්වලින් දෙන්න රාජපක්ෂලාව පූර්වාදර්ශයට අරන් වගේ...!