IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට

 (ගයාන් සූරියආරච්චි, බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ටී කේ ජී කපිල)

සිංහල ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරුවන ඩෑන් ප්‍රියසාද්  අද (11) අලුයම කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අධිකාරී නීතිවේදී ප්‍රියන්ත මනතුංග මහතා පැවසීය.

ඩුබායි රාජයේ සිට මෙරටට පැමිණි අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගත් බවඒ මහතා කීය.2024  වර්ෂයේදී නාන්නේරිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට නොගන්නා ලෙසට බලපෑම් කිරීම සම්බන්ධයෙන් නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය  මගින් විමර්ශනයක් ආරම්භ කර තිබූ බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

ඒ සම්බන්ධයෙන් ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඩෑන් ප්‍රිය සාද් නමැත්තාට විදේශ ගමන් තහනමක් මෙන්ම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග දෙකක් පනවා තිබූ අතර  ඒ අනුව ඔහුට ඊයේ ඩුබායි සිට මෙරටට පැමිණෙන අවස්ථාවේදී  අත්අඩංගුවට ගැනීමක් සිදුකළ බව  මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.



අදහස් (12)

ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට

Honking Tuesday, 11 February 2025 08:36 AM

ඔන්න සිංහල ජාතික ව්‍යාපාරයේ උන්ගේ වැඩ

:       8       67

අරවින්ද මොණරවිල Tuesday, 11 February 2025 09:24 AM

රාජපක්ෂලාගේ බත් බැලයෙක්, අන්ත දූෂිත අපරාධකාරයෙක්, ඒ නිසා මේකා අත් අඩංගුවට ගන්න නොවෙයි මෙතෙක් කලක් නිදහසේ එලියට වෙලා ඉන්න ඉඩ දුන්න හේතුවයි පොලිසිය රටට හෙලි කරන්න ඕනා.

:       13       86

Lucky M USAWednesday, 12 February 2025 09:06 AM

මෙයා හොර කපුවෙක් මෙයා දන්න දේශපාලනයකුත් නැ අධ්‍යාපනයකුත් නැ

:       1       4

සෙනෙවිරත්න Tuesday, 11 February 2025 10:07 AM

ඔය කියන සිංහල ජාතික ව්‍යාපාරය, තව ඔය වගේ හෝහපුටුවෙක් ඉන්නව කියන දූෂණ විරෝධි ව්‍යාපාරය වගේ ඒව අටවගෙන පපහුගිය කාලෙ රට ගිනිතිබ්බ, මුන්ට නිදහසේ සිටීම රටට හානිකරයි.

:       4       34

udayaTuesday, 11 February 2025 11:15 AM

හිටපු රණවිරු නාමල් කුමර සර් ගැන වෙන්න ඔය කියන්නේ.

:       1       13

Hemantha Tuesday, 11 February 2025 10:32 AM

අසව් අසව් මෙන්න ජේබයියන්ට තවත් සිඟිති ආතල් එකක්. අරවින්ද අරවා වල ඉක්මනට සතුටු වෙන්න හොඳේ. වැඩි වෙලා අතුලෙ ඉන්න එකක් නැහැ අතුලෙ

:       24       7

රනේ Tuesday, 11 February 2025 10:47 AM

මේ රට හදන්න නම් මේ සියළු මජර වැඩ කරන්නවුන් සමාජයෙන් පිටමං කල යුතුයි..

:       1       36

ජිල්බු Tuesday, 11 February 2025 10:56 AM

මෙන්න පළිගන්නවෝ! කුඩු ජාලය අල්ලනෝ!! අපේ ව්‍යාපාරවලට බාදා කරනෝ!!!

:       3       37

kavithilaka Tuesday, 11 February 2025 11:00 AM

රට ජාතිය ආගම ගැන බෙරිහන් දිදී රට ජාතිය ආගමට කෙළවපු එවුන් අතරින් තවත් එකෙක් විතරයි ඩෑන් ප්‍රියසාද්.

:       2       31

අරුණි Tuesday, 11 February 2025 11:52 AM

ආණ්ඩුවට පිස්සු බලු රෝගය වැලඳිලා වගේ. රටේ කන්න බොන්න නැතත් ඡන්දය දුන් ජනතාව රවටමින් තවත් කාලයක් වැජඹෙන්න පුලුවන් වෙයි වගේ

:       9       2

lakmal Tuesday, 11 February 2025 02:33 PM

රාජපක්ෂ මජර බලකායේ තවත් එක් ආහාර කුක්කෙක්

:       1       6

King Monday, 17 February 2025 03:55 PM

තවමත් ඔබ රජය සඳහා සාප්පු සවාරි යනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 48 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 438 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 876 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site