
(නිමල කොඩිතුවක්කු)
ඉදිරි ජනාධිපතිවරණය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රමුඛ නිදහස ජනතා සභාවේ සහාය සමගි ජන බලවේගයට ලබා දීමට තීරණය කර තිබේ.
කොළඹදී අද(10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මේ බව පැවසීය. සමගි ජන සන්ධානය ලෙස ශක්තිමත් පුළුල් බලවේගයක් නිර්මාණය කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බවත් මන්ත්‍රීවරයා කීවේය.
ආණ්ඩුව පරාජය කිරීම සඳහා වූ සටනේ දී නිදහස ජනතා සභාව විසින් සමගි ජන බලවේගය සමග සිදුකළ සාකච්ඡා ඉතා සාර්ථක බවත් ඔහු සඳහන් කළේය.
රට තුළ පුළුල් දේශපාලන වෙනසක් ඇති කිරීම සඳහා විපක්ෂය සමග ඉදිරි සති කිහිපය තුළ ඍජුව කටයුතු කිරීමට නියමිත බව ද ඔහු සඳහන් කළේය.
COMMENTS
අපි කල්පනා කෙරුවා ඕක කියන්න මෙච්චර ප්‍රමාද වුණේ ඇයි කියලා, මොකද ඔහෙලාට ජාතික ජනබල වේගයේ දොර ඇරෙන්නේ නැහැ කියලා අපි දැනගෙන හිටියා. දැන් පුතාණෝ සමග වාසය, චරිත උස නිසා සිකුරිටි ඩලස් මිටි නිසා කම්කරු එහෙම හොඳා...
ඩලස් මැතිතුමා දේශපාලනයෙන් ඉවත් වුණා නම් මීට හොඳයි කියලයි හිතෙන්නේ. වංචනික නැති. ගෞරවණිය චරිතයක්නේ.
මාතර මහ බොරුව එසේ තම දේශපාලන ගමන්මඟ අවසන් කරගත් වගයි...!
ජෙප්පොත් එක්ක සෙට් වෙන්න හුඟාක් උත්සාහ කරා... හරි ගියේ නැති තැන් සජබෙට හේත්තු වුණා... නමුත් එතැන එතුමාට හරි යන්නේ නැහැ...
මෙයාට ඕනත් මේ කුණු දේශපාලන ක්‍රමයම දිගටම කරේ තියාගෙන යන්න.
මෙතෙක් කල් හිතාගෙන හිටියේ ඩලස් අලහප්පෙරුම කියන්නේ ගෞරවනීය සහ බුද්ධිමත් චරිතයක් කියලා, ඒත් දැන් බලනකොට... මේ ඔක්කොම එකයි මල්ලි කියපු එක හරියටම හරි. තම වාසිය පෙරට රට සහ ජනයා වලට.
මහින්ද චින්තනය 1, 2, ලියලා දීලා මහින්දයාට ජනාධිපති වෙන්න උදව් කෙරුවා කියලා වැඩක් වුණෙත් නැහැ...
ඔබතුමා කොට නිසා කම්කරු රැකියාවක් බලාපොරොත්තුවෙන් ඉන්න.
1994 චන්ද්‍රිකා රජයේ හිටියා කොට කපටි නි ඇමති කෙනෙක් . මිනිහ උදේට මාතර බස් නැවතුමේ සෙනග අතරේ පෝලිමේ ඉන්නවා කොළඹ එන්න. ටිකදුරක් කොළඹ බසයේ ඇවිත් මගින් බහිනවා මොකද කාර් එක එතන තියෙන නිසා . අනේ අර බස් නැවතුමේ හිටි දහස් ගණනක් වූ මිනිස්සු රැවටුන මිනිහ බස් එකෙන් කොළඹ ගිය කියල . කොහොමද කපටි මොලේ ?
කල් ඉකුත්වූ ආහාර.... ඉවත දැමිය යුතුයි... පරිභෝජනයට නුසුදුසුය...
මිට්ටන් කට්ටන්
මෙච්චර ප්‍රමාද වුනේ එන් පී පියට යන්න බලාගෙනද?ඒවා නම් වෙන්නේ නැහැ... මොකද හාල්කෑලි දාගෙන යන්න බැහැ...