
වසර 400 ක් පැරණි ඩෙන්මාර්කයේ ජාතික තැපැල් සේවය වන 'PostNord' ඊයේ (30) සිට බලපැවැත්වෙන පරිදි එරට තුළ තැපැල් කටයුතු සම්පූර්ණයෙන්ම නවතා දැමීය.
ඒ අනුව, යල් පැන ගියේ යැයි සලකා, තැපැල් ලිපි බෙදාහැරීම නවතා දැමූ ලොව පළමු රට බවට ඩෙන්මාර්කය පත් වෙයි.
2000 සිට සිට එරට තුළ ලිපි බෙදාහැරීම් සියයට 90 කට වඩා පහතවැටී ඇති බව බෙන්මාර්ක ජාතික තැපැල් සේවය වැඩි දුරටත් පවසා ඇත.
ඒ අනුව, එරට තුළ අන්තර්ජාලය හරහා පාර්සල් සේවා බෙදාහැරීම් වැඩිදියුණු කර සිය ආයතනයේ ලාභ උපරිම කරගැනීමට ඔවුන් සැලසුම්කර ඇත.
මෙම තීරණය ක්‍රියාවට නැංවීමත් සමග ඩෙන්මාර්කය පුරා තැපැල් පෙට්ටි 1,500 ක් පමණ ඉවත් කෙරේ. තැපැල් සේවකයන් 4,600 න් 1,500 ක් පමණ සේවයෙන් ඉවත් කෙරෙනු ඇත.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.