
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික සංවර්ධනය සඳහා ආයතනික රාමුවක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2025 -01-27 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී දැනට ක්‍රියාත්මකව පවතින ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) ඈවර කර, ඩිජිටල් ආර්ථික අධිකාරිය ස්ථාපිත කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස අනුමැතිය ලබා දී ඇත.
ඊට සමගාමීව ශ්‍රී ලංකාවේ ඩිජිටල් සංවර්තනය වේගවත් කිරීම සහ ඩිජිටල් ආර්ථික සංවර්ධනය සඳහා ආයතනික රාමුවක් ස්ථාපිත කිරීම පිණිස ශ්‍රී ලංකාවේ සහ වෙනත් රටවල දැනට පවතින ඩිජිටල් උපාය මාර්ග ක්‍රියාත්මක කිරීමේ අත් දැකීම් පිළිබඳව අධ්‍යයනය කරනු ලැබ තිබේ.
ඒ අනුව, ජාතික ඩිජිටල් උපාය මාර්ග වලින් අපේක්ෂිත අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ස්ථාවර සහ හොඳින් නිර්වචනය කරන ලද ආයතනික ව්‍යුහයක් පැවතීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත.
එම කරුණු සැලකිල්ලට ගෙන, දැනටමත් ආරම්භ කර ඇති සහ ඉදිරියේදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇති ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘති බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරීමට හැකි වන පරිදි අවශ්‍ය බලතල සහිත ස්වාධීන ආයතනයක් වශයෙන් 'GovTech (Pvt) Limited' නමින් රජය සතු සමාගමක් ස්ථාපිත කිරීම පිණිස ඩිජිටල් ආර්ථික අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා ඥානවන්ත තීරණයක්, අකාර්යක්ෂම රජයේ නිලධාරීන් සමඟ වැඩ කිරීමට ඇති සියලුම සාම්ප්‍රදායික බාධක ඉවත් කිරීමට රජයට උපකාරී වනු ඇත. මෙය ජනාධිපති සහ ආචාර්ය හාන්ස්ගේ සාමූහික තීරණයක් බව මම විශ්වාස කරමි. මෙවැනි නව තීරණයක් අගය කළ යුතුය, පැරණි හා සාම්ප්‍රදායික ආකාරයෙන් සිතීම රජයේ ශ්‍රම බලකායේ කාර්යක්ෂමතාව වේගවත් නොකරනු ඇත.
මෙහෙ නම් තවම මිනිස්සු එනවා... මුද්දර අරන් චෙක්පත් අරන් යන්න...