(අංජුල මහික වීරරත්න)
විශේෂ මදුරු මර්දන සතියේ දෙවන දිනය වන අද (1) පරිශ්‍ර 22,294 ක් පරීක්ෂාවට ලක් කර 553 දෙනෙකුට රතු නිවේදන නිකුත් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මදුරුවන් බෝ විය හැකි පරිශ්‍ර 4,965 ක්ද මදුරු කීටයන් සහිත පරිශ්‍ර 657 ක් හඳුනා ගත් බවද අමාත්‍යාංශය කියයි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම මත සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ජුනි මස 30 දින සිට ජුලි 5 දක්වා ප්‍රකාශයට පත්කර ඇති විශේෂ මදුරු මර්දන සතියේ දෙවන දිනය වන අද (1) දිනට අදාළ වාර්තාවේ අදාල කරුණු සඳහන් වේ.
අදාල වාර්තාව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ විශේෂඥ වෛද්‍ය ප්‍රශීලා සමරවීර මහත්මිය විසින් නිකුත් කර තිබේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඩෙංගු බෝ කරන 553 කට රතු නිවේදන
maalaka Wednesday, 02 July 2025 06:54 AM
අපේ නාවල නිවස අසල (විශ්‍රාමික විදුහල්පතිනියක් ) ඇගේ නිවසට යන පාර අද්දර තිබූ වතුර ගලා බසින කානුව අවහිර කළා . ඒ නිසා එතන මදුරුවන්ගේ තෝතැන්නක් උනා . එයට කල ඉල්ලීම තර්ජනාත්මකව ඉවත දැමුවා . රාජගිරිය නගර සභාව නිහඬව සිටියා , කුඩා දරුවෙකු සිටි අසල්වැසි පවුල නිවස විකුනා ගියා. ඔවුන්ට ඇති එකම දරුවා ඩෙංගු වලින් ආරක්ෂා කර ගැනීමට . මෙවැනි සිදුවීම් ගැන අවධානය යොමු කලොත් හොඳයි
සුසිල්Wednesday, 02 July 2025 11:40 AM
ඒ වගේම මරදාන - කොටුව දුම්රිය මාර්ගය දෙපස ඇති දිරාපත් වෙන රිය මැදිරි සහ ඒ අවට ඇති වතුර රැඳී ඇති අපිරිසිදු ඉඩම් දෙස අවධානය ඉක්මනින් යොමු කරන්න..