
(සුජිත් හේවාජුලිගේ)
පාසලකින් ඩෙංගු තවානක් වාර්තා වුවහොත් ඊට අදාළ පාසලේ විදුහල්පතිවරයා වගකිවයුතු බවට නිකුත් කරන චක්‍රලේඛය සම්බන්ධයෙන් විදුහල්පති ශ්‍රේණි නිලධාරීන්ගේ සංගමය විරෝධය පළ කරයි.
මේ රජයේ නිලධාරින් බිලිදීමක් ලෙස සලකමින් ලබන 15 වැනිදා වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීමට එම සංගමය තීරණය කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෘත්තීය ක්‍රියා මාර්ග ගන්න කලින් පාසල් භූමිය පවිත්‍ර කරන්න ක්‍රියා මාර්ගයක් ගන්න. වෘත්තීය ක්‍රියාමාර්ග වලින් මදුරුවන් බෝ වීම පාලනය කරන්න බෑ...
වගකීම් එපා අපට වැටුප් විතරක් දෙන්න.
කිසිම වගවීමක් නැති විදුහල්පතිවරුන්ට විරුද්ධ වීමට හැකියාව ඇත. සමහර පාසල්වල සිටින විදුහල්පතිවරුන් කිසිම වැඩකට නැත. ඔවුන් සිටින පාසල්වල සෑම දෙයක්ම පිරිහේ...
මේක අද ඊයේ දෙයක් නෙවෙයි. මීට කලිනුත් විදුහල්පතිලාට නඩු දාලා දඩත් ගහලා තියෙනවා. විදුහල්පති වගකීමක් තමයි පාසල් පරිශ්‍රය පිරිසිදුව තබා ගැනීම. ඒකට විවිධ දේ විදුහල්පතිට කරන්න පුළුවන්. කණගාටුයි කියන්න. දැන් විදුහල්පතිලා, ගුරුවරුන් වැඩි පිරිසක් ඉන්නවා මෙලෝ වැඩක් කරන්නේ නැති. පඩිය විතරයි හිතන්නේ. පාසල් පද්ධතිය බිඳ වැටෙමින් තියෙන්නේ මේ අය නිසා...
මේ රට කිසිම දවසක හදන්න බෑ.. වෘත්තීය සමිති කියන ජාතියේ ඉන්නකන්.. තමන්ගේ ආයතනය වරදක් වුණාම ඒ වරදට ආයතන ප්‍රධානියා වගකියන් නැතුව අහල පහළ මිනිස්සු වගකියන්න ඕනෑද...?
මේක මහ පුදුම වැඩක් නේ. ඉස්කොල පිරිසිදුව තියා ගැනීම විදුහල්පතිවරුන් සහ ගුරුවරුන්ගේ රාජකාරියක්. ඒ ගොල්ල කියන්නේ අපිට ඒක කරන්න කියලාද?
ඒවාට මේවාට මුදල් එකතු කරන්න සහ ඒවා වියදම් කිරීමට සහ තම අභිමතය යටතේ ළමුන් ඇතුළත් කිරීමට බලය පවරන චක්‍රලේඛයක් ගැහුවොත් ඒකටත් විරුද්ධ වෙනවාද?
පාසලේ තීන්ත ගාන බිල් වල තින්ත බකට්වල ගහපු වටිනාකම බිල් වලට ඇතුළත් කර මුදල් ගැනීම ගැන දන්නවාද? පාසල් වලට තීන්ත ඩිස්කවුන්ට් නැතිද? ගම්වල වෙන්නේ එහෙමයි...
වහාම ගුරු හා විදුහල්පති සේවා අත්‍යාවශ්‍ය සේවා කර වර්ජනයේ යෙදෙන පසුගිය කාලයේ දේශපාලන හිතවත්කමට තනතුරු ලැබූ ඔක්කොමලා සේවයෙන් පහකළ යුතුයි..
ළමයි ටිකත් එකතු කරගෙන සතියකට පැයක කාලයක් එයට කැපකරන්න කැමැති නැහැ තමන්, තමන්ගේ දරුවා, සහෝදරයා ගැන ටිකක් හිතන්න පපුවක් නෑ... හරීම දුෂ්ටයි, ලෝකේ රටවල් දියුණු කරගන්න කැපවෙලා වැඩ කරන හැටි මාධ්‍යයෙන් මේ මිනිසුන්ට පෙන්වන්න ඕනැ. දැඩි ආත්මාර්ථකාමියි. සමහර ආත්මාර්ථකමි මිනිසුන් කනවා, බොනවා විසි කරනවා, කොච්චර සුද්ද කළත් වැඩක් නැහැ... ආයේ දානවා. අලුත් නීති අවශ්‍යයි නැතුව කුහකයින් හදන්න බැහැ. සිංගප්පූරුව හදාගත්තේ එහෙමයි, එකෙක් කිසිම දෙයක් බිම දාන්නේ නෑ දඩ නිසා. ලංකාවේ වාහන වලින් යන ගමන් කාලා බීලා ඔක්කෝම පාර දෙපසට විසි කරනවා... නීති සම්මත වුණා නම් එහෙම කරන්න බයයි, මුලු රටම කසල ගොඩක්, ඩෙංගු වලින් රටෙන් අඩක්ම මැරුණත් සමහර මිනිසුන් රට අපවිත්‍ර කරන එක නතර කරන්නේම නෑ.
පාසලක් කියන්නේ පර්චස් 20 ක ඉඩමක් නෙවෙයි. විදුහල්පති වරයෙකුට කරන්න තියෙන වැඩ කොටස ගැන හරි අවබෝධයක් නැතිව මෙතන කෑගහලා වැඩක් නැහැ. මේ තර්කය හරි නම් පොලීසියක ඩෙංගු අවධානමක් තිබුනොත් ස්ථානභාර නිලධාරියට නඩු දාන්න. ඒ වගේම නගරයක ඩෙංගු අවධානමක් තිබුණොත් නගරාධිපතිට නඩු දාන්න. මේ විදිහට අනෙක් ආයතන ප්‍රධානීන්ටත් නඩු දාමු. වැඩේ හරි සරලයි.
විදුහල්පතිවරුනි, සෙල්ෆෝන් එක පන්තිකාමරයට ගෙනැල්ලා ඒක බල බලා, ඔබ, ගුරුකම කරන ගුරුවරු ගැන වගකීම ගන්නවාද?
තමුන්ගේ නිවසේ වටපිටාව ගෘහමූලිකයාගේ වගකීමක් ලෙසින්ම, පාසල් ඉඩමේ වටපිටාව විදුහල්පතිගේ වගකීමක් බව විදුහල්පතිවරු දන්නේ නැද්ද?
හැම පාසලකම කම්කරුවෝ නැහැ නඩත්තු වැඩ කරන්න. ඔය ධනවත් පාසලක දෙකක හිටියට අනෙත් ඒවා වල ඉන්නේ ගුරුතුමා සහ ගුරුවරු දෙතුන්දෙනෙක්. මුරකරුවෙක්වත් නැහැ. ඉතින් ප්‍රයෝගික පැත්ත බලන්නේ නැතිව විදුහල්පතිට වගකීම් පැවරුවාට හරියන්නේ නැහැ.
රට නැතිකරන්නේ මේ වගේ අය තමයි. වෘත්තීය ක්‍රියාමාර්ග වලට නම් ඉක්මණට සැලසුම් කරනවා. ස්කෝලේ පිරිසිදු කරගන්න එක තමයි බැරි...