
(නිමල කොඩිතුවක්කු)
ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගීන් වාර්තාවීම වැඩි අගයක් ගන්නා ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් විශේෂ මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අංශ පවසයි.
පවතින වර්ෂාවත් සමග ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගීන් වාර්තාවීම ඉහළ යාම සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇති බවත් එම අංශ සඳහන් කරයි.
ඩෙංගු සහ චිකන්ගුන්යා රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන බවට තහවුරු කරගත් බස්නාහිර පළාතේ හෝමාගම, හේනේවත්ත ග්‍රාම නිලධාරී වසම කේන්ද්‍ර කරගනිමින් විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් පසුගිය දා ක්‍රියාත්මක කරන ලදි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, හෝමාගම ප්‍රාදේශීය සභාව සහ සොෆ්ට්ලොජික් ලයිෆ් ආයතනය එක්ව ”ඩෙංගු සහ චිකුන්ගුන්යා පරදවමු” යන තේමා පාඨය යටතේ මෙම විශේෂ මදුරු මර්දන ක්‍රියාවට නංවනු ලැබීය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත්කුමාර තෙන්නකෝන්, ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර, ජාතික ඩෙංගු මදුරු මර්දන ව්‍යාපාරයේ නිලධාරීන්, ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
2025 නොවැම්බර් මස 04
381
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2168
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1647
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඩෙංගු - චිකුන්ගුන්යා රෝගීන් වැඩි වීමක්