IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


ට්‍රම්පේ යෝජනාවට රුසියාවෙන් ප්‍රතිචාර

(විමුක්ති එස් රුද්‍රිගු)

යුක්රේන යුද්ධය අවසන් කර සාම සාකච්ඡා මේසයට පැමිණෙන ලෙස ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාවට කළ යෝජනාවට පළමුවරට ප්‍රතිචාර දක්වමින් සාම සාකච්ඡා මේසයට පැමිණීමට ප්‍රථමයෙන් ඇමෙරිකාව ඉදිරිපත් කරන සටන් විරාම ගිවිසුමේ කොන්දේසි මොනවාදැයි දැනගත යුතු බව රුසියාව ප්‍රකාශ කර ඇත.

"ඕනෙම දෙයක් අවසන් කරන්න පහසු ක්‍රමයක් මෙන්ම අසීරු ක්‍රමයක්ද තියෙනවා. නමුත් හොඳම ක්‍රමය වන්නේ පහසු ක්‍රමයයි. යුක්රේන යුද්ධය අවසන් කරමින් ගිවිසුමකට එන්න කාලේ හරි." ජනපති ට්‍රම්ප් ඔහුගේ ටෘත් සෝෂල් වේදිකාවේ සටහනක් තබමින් පසුගියදා පැවැසුවේය. සාම සාකච්ඡා මේසයට නොපැමිණෙන්නේ නම් රුසියාව අලෙවි කරන සියලුදේට ඉහළ මට්ටමේ බදු, තීරුබදු සහ සම්බාධක පනවන බව ට්‍රම්ප් ප්‍රකාශ කළේය.

සාකච්ඡා මේසයට පැමිණීමට ප්‍රථමයෙන් ජනපති ට්‍රම්ප් සටන් විරාම ගිවිසුමක් ලෙස දකින්නේ කුමක්දැයි රුසියාව දැනගතයුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රුසියානු නියෝජ්‍ය තානාපති දිමිත්‍රි පොල්යන්ස්කි සඳහන් කළේය. රුසියාව සටන් විරාම ගිවිසුමක් ලෙස දකින්නේ යුක්රේන අර්බුදයට මුල් වූ හේතු වලට විසඳුම් ලබාදීම පමණක් බවද ඔහු පැවැසුවේය.

යුක්රේනය සමග සටන් වැදීමට රුසියාවට පැමිණි උතුරු කොරියානු සොල්දාදුවන් 11,000 තුන්දහසක් මේ වනවිට තුවාල ලබා, අතුරුදන් වී හෝ සතුරන්ගේ ග්‍රහණයට ලක්වී ඇති බවටත් තවත් දහසක් යුක්රේන පාර්ශවය අතින් ඝාතනයට ලක්ව ඇති බවටත් පළවන වාර්තා හමුවේ රුසියාව මෙම ප්‍රතිචාරය ලබාදී ඇත.

 



අදහස් (5)

ට්‍රම්පේ යෝජනාවට රුසියාවෙන් ප්‍රතිචාර

Rohana Thursday, 23 January 2025 09:50 PM

යුදවැදීම නිශ්ඵල ක්‍රියාවකි. සාමයට එකගවුවත් නැතිවූ ජීවිත සහ දේපල ආපසු නොලැබේ.

:       0       26

Perera Friday, 24 January 2025 02:33 AM

තෝරු මෝරු හැප්පෙන්න වගේ යන්නේ

:       12       4

Athula Friday, 24 January 2025 01:34 PM

පව් අහිංසක මිනිස්සු මැරෙනවා

:       0       15

don Friday, 24 January 2025 02:11 PM

ට්‍රම්ප්ගේ පිළිගත නොහැකි යෝජනාවලට පුටින් අකමැති වුණ ගමන් ට්‍රම්ප්ට මළපැනලා ඉන්නවා. ඊට පස්සේ ට්‍රම්ප් බයිඩන්ට වඩා වැඩියෙන් යුක්‍රේනයට යුධ ආධාර දෙනවා. ඕක තමයි පොලිටිකල්.

:       20       3

Nandalal DE SILVA - France Friday, 24 January 2025 05:18 PM

ඒකාධිපති පුටින් කාරයා, වසර 3කට ඉස්සර යුක්‍රේනය ආක්‍රමණය කළේ, ඇමරිකාව පෙර කොන්දේසි පෙන්නලාද? කිසිම යුද පුහුණුවක් නැති උතුරු කොරියන් කොල්ලන් බලවත් යුක්‍රේනය එක්ක සටන් කරන්න දැම්ම කොන්දේසි මතකද?

:       19       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 385 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2169 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1648 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site