(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකාවේ නව ජනපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව සිය ප්‍රථම සම්මුඛ සාකච්ඡාවට පෙනී සිටිමින් ජනපති ට්‍රම්ප් හිටපු ජනපති ජෝ බයිඩන් විවේචනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ජනපති ට්‍රම්ප් ෆොක්ස් පුවත්සේවය සමග සිය ප්‍රථම සම්මුඛ සාකච්ඡාවට පෙරේදා(22) ධවල මන්දිරයේදී සහභාගී වී ඇති බවත් එහිදී හිටපු ජනපති ජෝ බයිඩන් සිය ධුරයේ අවසන් දිනයේදී ඔහුගේ පවුලේ සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් කීපදෙනෙකුට පූර්ව ජනපති සමාව ලබාදීම සම්බන්ධයෙන් විවේචනය කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
සිය පළමු ධුර කාලය අවසන් වීමට මත්තෙන් තමාටද මෙම අවස්ථාව ලැබුණු බවත් නමුත් එහිදී කිසිවෙකුට ජනපති සමාව ලබාදීමට අවශ්‍ය නැති බව තමන් ප්‍රකාශ කළ බවත් ජනපති ට්‍රම්ප් සම්මුඛ සාකච්ඡාවේදී පවසා ඇත. කිසිවෙකු වරදක් කර නොතිබූ බැවින් එලෙස ජනපති සමාව ලබාදීමේ අවශ්‍යතාවයක්ද පැන නොනැගුණු බවද ට්‍රම්ප් එහිදී පැවැසුවේය.
තමාට රිදවීම සඳහා ප්‍රතිවාදීන් තම පවුලේ සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කර තිබෙන බව පවසමින් බයිඩන්ගේ සහෝදරයන් ඇතුළුව පවුලේ සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් කීපදෙනෙකුට පූර්ව ජනපති සමාව ලබාදුන්නේය.
" මේ මනුස්සයා හැමෝටම ජනපති සමාව දිදී ගියා නමුත් විහිළුවට කරුණනම් ඒක කණගාටුදායක දෙයක් වෙන්නත් පුළුවන් මේ මනුස්සයාට අමතක උනා එයාට ජනපති සමාවක් දී ගන්න" ජනපති ට්‍රම්ප් සම්මුඛ සාකච්ඡාවේදී පැවැසුවේය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ට්‍රම්ප්, බයිඩන්ට දෙහි කපයි
Nandalal DE SILVA - France Thursday, 23 January 2025 10:27 PM
ට්‍රම්ප් හිටපු ජනාධිපති බයිඩන්ගේ ජනාධිපති සාමාවන් ගැන ඔහොම දෙහි කැපුවාත් ට්‍රම්ප් සිය දෙවැනි ධූර කාලය සඳහා අත්සන් කර පදවි ප්‍රාප්ති ලියවිල්ලේ තීන්ත වේලෙන්නත් පෙර ඔහු වෙනුවෙන් 2020 දි කැපිටල් එක සුනුවිසුනු කර යකා නටපු හිර බත් කමින් සිටි අරගලකරුවන් දහසකටත් වඩා සිරකරුවන්ට දෙවැනි ට්‍රම්ප් සමාව දුන් බව නම් අමතකවී තිබෙනවා.
Biden Friday, 24 January 2025 02:35 AM
මෙන්න පලිගන්නවෝ, දෙහි කපනවෝ, මාව ගෙදරින් එළවනනෝ
රිතික් Friday, 24 January 2025 09:36 AM
රනිල් එහෙමනම් බයිඩන්ට කපන්නෙ දෙහි නෙමෙයි.
ජිල්බු Friday, 24 January 2025 11:12 AM
අඩෙ අප්පා, එහෙත් දෙහි කැපිලි, නූල් පැන්නිලි තියෙනවා! මෙහෙ කට්ටඬියන්ට එහෙ ගියොත් සුද්දන්ව අන්දල සෑහෙන්න විදේශ විනිමය ගේන්න පුළුවන්. ඔන්න ජනපති අනුරට රට දියුණු කරන්න මාර්ගයක්.