
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ කරටකර සටනක් අපේක්ෂා කළත්, ආරම්භයේ දී පටන් ට්‍රම්ප් ඉදිරියෙන් පසුවිය.
ඇමෙරිකන් ජනාධිපති ධුරය දිනා ගැනීමට, අපේක්ෂකයකුට අවම වශයෙන් ඉලෙක්ටෝරල් ඡන්ද 270 ක් දිනා ගැනීම කළ යුතුය. ඒ අනුව, ට්‍රම්ප් මෙම 270 සීමාව පසු කළේය. ජයග්‍රහණය කළ ට්‍රම්ප්, බිරිඳ මෙලානියා, පුතු බැරන් සහ පවුලේ සාමාජිකයන් ද සමග ෆ්ලොරීඩාවේ පාම් බීච් රිපබ්ලිකන් වේදිකාවට ගොඩ වී ජයග්‍රහණය සැමරූහ. මෙලානියාට හාදුවක් දීමට ද ට්‍රම්ප් අමතක කළේ නැත.
ඇමෙරිකාව් වස්ථාවට අනුව, ජනාධිපතිවරයකුට ධුරකාල දෙකක් සේවය කළ හැකිය. ට්‍රම්ප් 45 වැනි ඇමෙරිකන් ජනාධිපතිවරයා ලෙස 2017 වසරේ සිට 2021 දක්වා එම ධුරය හෙබවීය. 2020 ජනාධිපතිවරණයේ දී ට්‍රම්ප් ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන්ට පරාජය විය. ට්‍රම්ප් මෙම 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ ඔහුට තවත් එක් ධුර කාලයක් ඉතිරි වී ඇති බැවිනි.
ලැබූ ජයග්‍රහණය තහවුරු කිරීම සිදුවන්නේ ඇමෙරිකන් කොංග්‍රසය එසේත් නැතිනම් පාර්ලිමේන්තුව රැස්වෙමිනි. ඒ අනුව, දෙවතාවක් දෝෂාභියෝගයට ලක් වී, අධිකරණය හමුවේ වරදකරුවකු ද වූ ඇමෙරිකාවේ එකම ජනාධිපති ලෙස 78 හැවිරිදි ඩොනල්ඩ් ට්‍රම්ප්, 47 වැනි ජනාධිපති ලෙස ට්‍රම්ප් දිවුරුම් දෙනු ඇත. දිවුරුම් දීම සිදුවනු ඇත්තේ 2025 ජනවාරියේය. ට්‍රම්ප් මෙම 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ අභියෝග රැසක් මැදය. ඔහුට මරණ තර්ජන පවා එල්ල විය.
ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී උප ජනාධිපතිවරුන් ද තෝරා ගැනීම සිදුවෙයි. ට්‍රම්ප් කරද්දී, ඔහු උප ජනාධිපති සගයා ලෙස තෝරාගත් 40 හැවිරිදි ජේ.ඩී. වෑන්ස්ට උප ජනාධිපති ධුරය හිමිවෙයි. ට්‍රම්ප් මෙන්ම ජේ.ඩී. වෑන්ස් ද ජාතිකවාදී අදහස් ඇත්තෙකි. තමන් ජනාධිපති වූ සැණින් පැය 24 ක් යෑමට පෙර රුසියන් යුක්රේන යුද්ධය අවසන් කරන බවට ට්‍රම්ප් ප්‍රතිඥා දී ඇත. ඊශ්‍රායල පලස්තීන අර්බුදයේ දී ඊශ්‍රායලයට සහාය පළ කරන බව ට්‍රම්ප් අවධාරණය කර ඇත. ඊට අමතරව, උතුරු කොරියාව සමඟ යහපත් සබඳතා පවත්වන බව ද ට්‍රම්ප් පැහැදිලි කර ඇත.
COMMENTS
ලංකාවේ ආතට හාට් ඇටෑක් හැදෙයිද මේ නිව්ස් එක අහලා...?
ට්‍රමිප්ටත් ජයවේවා !!!
ජය වේවා! හොර බොරු නැති නියම නායකයෙක්. ඒ රටේ බහුතරයක් මිනිස්සුන්ට මොලේ තියෙනවා. ලංකාවේ මිනිස්සුන්ටත් මොලේ තිබුණාට උන්ට ඡන්දෙ දෙන්න නායකයෙක් හිටියෙ නෑ. ඒකයි ඇත්තම කතාව. නැත්තන් අනුර වගේ බොරු පිඹින චරිත නායකයො වෙන්නෙ නෑ.
යුක්රේනය යුද්ධය නවතිනවා නම් ට්‍රම්ප් හොඳයි...
සුබ පණිවිඩයක්...!
ජූලි චෑං භූමිකාවේ අවසානය ට්‍රම්ප් නව ජනපතිතුමාට ජයවේවා.
කමලා ඇමරිකන් ජනාධිපති වේවා කියලා පූජා පවත්වපු ඉන්දියාවේ ටික දැන් ඉණට අත්දෙක තියාගෙන...!
ට්‍රම්ප්ටත් ජයවේවා...!
අනේ ඉතින් පින්සිදු වෙයි... ඇමෙරිකාවට යන්නකෝ... එහෙ නායකයාට හුරේ තියන්නකෝ. එතකොට කමලාට දීපු කෝටි හයකට මොලේ නැතිද... මහත්තයෝ...?
කිත්සිරි... ඔබ දැන් කියන්නේ අනුරට වඩා ට්‍රම්ප් හොඳයි කියලද? ඇමෙරිකාවේ ඡන්දය තනිකරලා යන්නේ සල්ලි මත... එලෝන් වගේ සල්ලි කාරයෝ නිසයි ට්‍රම්ප් දිනුවේ....!
කමලා හැරිස්ට වඩා ඇමරිකාවේ මීළඟ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වුණොත් ලංකාවට හොඳයි කියලා මම හිතනවා. දැන් ඔහු දිනුවා. එබැවින් අපි ඔහුට සුබ පතන්නෙමු.
මෙලානියා හැර මෙයා තව කී දෙනෙකුට හාදු දීලා ඇද්ද?
ඉන්දියානු සම්භවයක් තියන කමලා හැරිස්ට වඩා ට්‍රම්ප් දිනපු එක හොඳයි. නැතිනම් ඉන්දියන් කාරයෝ තවත් උඩයනවා...!
ට්‍රම්පච්චිට ජයවේවා!
දැන් මේ වෙද්දී මුළු ලෝකෙම ජනතාව පුදුමාකාර මානසික ආතතියකින් ඉන්නේ... විශේෂයෙන්ම ෆේස්බුක් සහ යූ ටියුබ් මගින් ලෝකයේ ඕනම රටක ඕනම තරාතිරමක කෙනෙක්ට ලෝකයේ තියෙන සුරසැප පේනවා. ඉතින් මිනිස්සු ඉන්නේ පුදුම මානසික ආතතියකින්.
සුභම සුභ ආරංචියක් !! ජයවේවා ලොකේට සාමය ලැබීම ස්ථීර වුණා... ට්‍රම්ප් කිසිම යුද්ධයකට සහය නොදෙන බව ප්‍රකාශ කලා. ඇමරිකන් ජනතාවට ස්තුතිවේවා.
ට්‍රම්ප්ගේ වයස 78යි. ලංකාවේ නම් දැන් හැටියට වයස වැඩියි. හැබැයි ජේ.ආර්.ජයවර්ධන මුලින්ම අගමැති වුණෙත් වයස 70දී. එතකොට නම් කවුරුත් ඔහුගේ වයස ගැන කිව්වේ නෑ.
ලංකාවේ මේ පුවත් වාර්තා හා අදහස් කියවන පාඨකයෝ කරන ඩිස්ලයික් දැක්කාම හිතෙනවා තවත් අවුරුදු සියයක් ගියා වුණත් ලංකාව නම් කිසිදාක ආසියාවේ සංවර්ධනය වෙමින් පවතින රටක් මිස සංවර්ධනය වුණු රටක් නොවේවි කියලා...