ඇමෙරිකාවේ කන්සර්වේටිව් පක්ෂයේ ප්‍රබල දේශපාලන ක්‍රියාකරුවකු මෙන්ම ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමීප හිතවතකු ලෙස ද සැලකෙන චාලි කර්ක් වෙඩි ප්‍රහාරයකට ලක් වී ජීවිතක්ෂයට පත්විය.
ඇමෙරිකාවේ යූටා ජනපදයේ, විශ්ව විද්‍යාලයක පැවැති උත්සවයකට සහභාගී වෙමින් සිටියදී 31 හැවිරිදි චාලි කර්ක් වෙඩි ලක්වුණු බවත් ස්නයිපර් තුවක්කුකරුවකු වෙඩි තැබීම කළ බවත් වාර්තා වේ.
ඝාතනය සම්බන්ධයෙන් එෆ්.බී.අයි. පරීක්ෂණ ආරම්භ වී ඇත.
පසුගිය 2024 වසරේ, ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ සටන වෙනුවෙන් විශ්ව විද්‍යාල මට්ටමින්, තරුණ තරුණියන්ගේ ඡන්ද ට්‍රම්ප්ට ලබා දීමට කැප වී කටයුතු කළ තැනැත්තකු වන්නේ චාලි කර්ක් ය.
ට්‍රම්ප්ට සහාය දෙන 'ඇක්ටිව් යූත්' තරුණ සංගමයේ නිර්මාතෘ වන්නේ ද කර්ක් ය.
චාලි කර්ක්ගේ ඝාතනය පිළිබඳ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද සිය සංවේගය පල කර තිබේ. ඒ සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් පළ කරමිණි.
' කර්ක් තරම් ඇමෙරිකාවේ තරුණ හදවත් හදුනාගත් වෙන කෙනෙක් මම දන්නේ නැහැ. පක්ෂ භේදයකින් තොරව කාගේත් ආදරය සහ ගෞරවය ඔහුට ලැබුණා. දැන් ඔහු අප අතර නැහැ.' යැයි ට්‍රම්ප්ගේ ටෲත් සෝෂල් සමාජ මාධ්‍ය ගිණුමේ පළ කළ සටහනේ දැක්වෙයි.
චාලි කර්ක්ගේ අභාවය හේතුවෙන්, ඇමෙරිකන් ධජ ධජ ලබන ඉරිදා අතෙක් අඩකුඹු කිරීමට ද ජනාධිපති ට්‍රම්ප් උපදෙස් දී ඇතැයි ද පැවැසෙයි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ට්‍රම්ප් මිතුරු චාලි කර්ක් වෙඩි තබා ඝාතනය කෙරේ