IMG-LOGO

‘‘ට්‍රම්ප් බද්ද අඩු කරගැනිම වැදගත් පියවරක්‘‘

(විමුක්ති එස් රුද්‍රිගු)

ඇමෙරිකාව "අන්‍යෝන්‍ය බදු" ක්‍රමය යටතේ පසුගිය අප්‍රේල් 2 වැනිදා මෙරටට පැනවීමට යෝජනා කර සියයට 44 ක තීරු බද්ද සියයට 30 දක්වා අඩුකර ගැනීමට හැකියාව ලැබීම මෙරට තීරුබදු ව්‍යූහය ජාත්‍යන්තර තරඟකරුවන්ගේ තීරුබදු ව්‍යූහය සමග සමීප කිරීමට රජය විසින් ගනු ලබන ඵලදායී හා වැදගත් පළමු පියවරක් බව ලංකා වාණිජ මණ්ඩලය ප්‍රකාශ කළේය.

එළැඹෙන 1 වැනිදා තෙක් සාකච්ඡා මේසය විවෘත බැවින් සියයට 30 ක තීරු බද්ද තවත් අඩුකර ගැනීමට ඇමෙරිකාව සමග අඛණ්ඩව සාකච්ඡාවල නිරත වන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ලංකා වාණිජ මණ්ඩලය පැවැසුවේය.

විශේෂයෙන් කලාපයේ අනෙකුත් රටවල් ඊටත් වඩා අඩු අනුපාතවලින් ප්‍රතිලාභ ලබනු ඇතැයි අපේක්ෂා කරන බවද වාණිජ මණ්ඩලය ප්‍රකාශ කළේය.

ඇමෙරිකානු වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාවේ ස්ථානය තහවුරු කර ගැනීමට, මිලදී ගන්නන්ගේ විශ්වාසය තහවුරු කර ගැනීමට, තිරසාර ආර්ථික වර්ධනයක් දිගුකාලීනව පවත්වාගෙන යාමට සියයට 30 ක තීරු බද්ද තවත් අඩු කර ගැනීමේ සාකච්ඡාවල ප්‍රගතියක් ලබා ගැනීම අත්‍යාවශ්‍ය බවද වාණිජ මණ්ඩලය පැවැසුවේය.

ඒ සඳහා උපදේශන ලබා දීමටත් සහාය ලබා දීමටත් සූදානම් බවද වාණිජ මණ්ඩලය ප්‍රකාශ කළේය.

 



අදහස් (1)

‘‘ට්‍රම්ප් බද්ද අඩු කරගැනිම වැදගත් පියවරක්‘‘

sene Friday, 11 July 2025 05:41 PM

බෝට්ටුව පෙරළුණාම? හා හා. නෑ නෑ නොහැකියාව නොවේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 368 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 530 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 222 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site