IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


ට්‍රම්ප්ගෙන් හමාස් සංවිධානයට තර්ජන

හමාස් ග්‍රහණයේ පසුවන, ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් සියලු දෙනා ලබන 20 වැනිදාට පෙර වහාම නිදහස් කළ යුතු බවටත්, හමාස් සංවිධානය එසේ නොකරන්නේ නම්, ඔවුන්ට දරුණු විදියේ ඵලවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවටත් ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කරයි.

ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට තේරී පත් වී මිටින ට්‍රම්ප්, ඇමෙරිකාවේ 47 වැනි ජනාධිපති ලෙස දිවුරුම් දෙන්නේ ලබන 20 වැනිදාය. ට්‍රම්ප් හමාස් සංවිධානයට පවසා ඇත්තේ, එදින වනවිට ප්‍රාණඇපකරුවන් නිදහස් නොකරන්නේ නම්, හමාස් සංවිධානයට තමන්ගෙන් කිසිදු සමාවක් නොලැබෙනු ඇති බවය.

'මා දන්නවා මේ වනවිට ඊශ්‍රායල රජයත්, හමාස් සංවිධානයත් අතරේ  ප්‍රාණඇපකරුවන් මුදා ගැනීමට සාකච්ඡා පැවැත්වෙනවා. ප්‍රාණඇපකරුවන් 34 දෙනකු මුදා හැරීමට හමාස් කැමැත්ත පළ කර තිබෙනවා. ඒත් එහෙම බැහැ. මා ජනපති ධුරයේ දිවුරුම් දෙන්න කලින් ප්‍රාණඇපකරුවන් සියලුම දෙනා නිදහස් කිරීමට හමාස් වග

බලාගත යුතුයි' යැයි ට්‍රම්ප් පැවැසුවේ ෆ්ලොරීඩාවේ, සිය මාර් ආ ලාගෝ මන්දිරයේ සිට මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

ට්‍රම්ප් මැදපෙරදිග කලාපයට විශේෂ නියෝජිතයකු ලෙස ස්ටීවන් චාල්ස් විට්කෝෆ් පත් කර ඇති අතර, විට්කෝෆ් මැදපෙරදිග සංචාරයක් අවසන් කර මේ වනවිට යළි ඇමෙරිකාව බලා පැමිණ සිටී. විට්කෝෆ් මැදපෙරදිග කලාපයට ගියේ ට්‍රම්ප්ගේ උපදෙස් අනුව, ඊශ්‍රායල හමාස් අර්බුදය ගැන සොයා බැලීමටය.

 (ඒ.එෆ්.පී.)



අදහස් (5)

ට්‍රම්ප්ගෙන් හමාස් සංවිධානයට තර්ජන

ආචාර්ය තිස්ස සේනානායක (PHD in Astrophysics) Wednesday, 08 January 2025 08:56 AM

ඔව් එය එසේ විය යුතුයි

:       6       41

Pradeep Kumara Wednesday, 08 January 2025 09:20 AM

නියමයි

:       6       44

මනුෂ්‍ය හදවත Wednesday, 08 January 2025 02:01 PM

පලස්තීනයේ ළමයින් අහිංසක මිනිසුන් 46000ක් මරපු එක සාධාරණයි නේද?

:       9       13

පරපෝෂිතයාWednesday, 08 January 2025 04:38 PM

අනිවා, ඇයි අපි මදුරුවෝ බෝවෙන තැන්, කීටයෝ විනාශ කරන්නේ?

:       2       5

පිලිකා කරුමය Wednesday, 08 January 2025 04:30 PM

ලෝකෙන්ම මෙම පිළිලය සුන්නත් දූලී කර ඉවත් කීරීමට මොලය පැදේවා...!

:       4       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1476 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1320 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site