( ෂේන් සෙනෙවිරත්න)
හම්බන්තොට හා ගොන්නොරුව විදුහලේ සිසුන් පිරිසක් මහනුවර අධ්‍යාපන චාරිකාවක යෙදෙන අතරතුර ඉන් සිසුන් පස් දෙනෙකු හදිසියේ ක්ලාන්ත වී බිම ඇද වැටීම හේතුවෙන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට ඇති බව පොලීසිය කියයි.
මෙම සිසුන් පිරිස ඊයේ (20) සවස පේරාදෙණිය උද්භිත උද්‍යානය නැරඹීමෙන් අනතුරුව ඉන් එළියට පැමිණ එහි අවට තිබූ වෙළඳ සැල් වලින් කෙටි ආහාර සහ කිරි ආහාරයට ගෙන ඇති අතර ඔවුන් රාත්‍රී කාලයේ ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව වැඳ පුදා ගැනීම සඳහා ගොස් ඇත.
අනතුරුව ඔවුන්ගේ බස් රථය නවතා තිබූ ජාතික පොළ භූමිය අසලට සිසුන් කණ්ඩායම පැමිණීමෙන් පසු සිසුන් පස් දෙනකු හදිසියේම ක්ලාන්ත වී බිම ඇද වැටි ඇති අතර ඔවුන් සුව සැරිය ගිලන් රථ මගින් මහනුවර ජාතික රෝහලට වහාම ඇතුළත්කොට තිබේ.
එම සිසුන් ගත් කිසියම් ආහාරයක් විස වීම හේතුවෙන් ඔවුන් එසේ ක්ලාන්ත වී ඇති බවට වෛද්‍යවරුන්ගේ නිගමනය වී ඇති අතර ඔවුන් ආහාර ලබාගත් බව කියන වෙළඳසැල් සොයා ගැනීම සඳහා පොලිස් විමර්ශන ආරම්භ වී තිබේ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ට්‍රිප් එකක් ආ සිසුන් පිරිසක් ක්ලාන්තය වී රෝහලේ
චතුරි Monday, 22 September 2025 03:54 AM
නාකිමයිනා ගමට ආවාම. එල ගව මී හරක් රෑනක් ඇවිත් තියෙනවා. නෑකමට නෑගම් ඇවිත්. දැනුම් දීමකින්. තොරොව. ඇවිත් තියෙන්නෙ. වැසිකිලි අපසතා නිසාමුලු ගමයි නගරයයි. අසුචි වලක් කියලා ගමේ කෙනෙක් කිව්වා. ඒ නිසා වෙන්න ඇති මෙහෙම අසනීප වුනේ උරලෑවා ආවා වගේලු. ඒ ගද.