
(ටී.කේ.ජී.කපිල )
රුපියල් හය කෝටි විසි ලක්ෂයක් වටිනා අතිනවීනතම ජංගම දුරකථන සහ ටැබ් පරිගණක තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත '' ( Green Channel ) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ගුවන් මගීන් තිදෙනෙකු සමග අද(24) ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොවුන් තිදෙනාම කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර , ඔවුන් අතරින් 39 හැවිරිදි සහ 62 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකු සිටින අතර අනෙක් පුද්ගලයා 25 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි .
ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ අතිනවීනතම ජංගම දුරකථන 559 ක් සහ ටැබ් පරිගණක 80 ක් සගවා ගෙන සිටියදී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
2025 දෙසැම්බර් මස 16
12
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ටැබ් පරිගණක -දුරකතන සමඟ තිදෙනකු ගුවන්තොටේදී අල්ලයි
ජයන්ත Wednesday, 24 September 2025 12:39 PM
හෑන්ඩ් ලෝඩ් අදින අය කිලෝ ගාණට බඩු අදිනවා. ඔය කස්ටම් ඔෆිසර්ලගේ, වත්කම්, බැරකම් ප්‍රකාශ හොයලා බලන්න හම්බ කරගත්තේ කොහොමද කියලා මෙච්චර කල්... දැනටත් ඔය එකක් දෙකක් ඇල්ලුවාට කොච්චර හොරෙන් අදිනවාද දන්නෝ දනිති.
ගුණරත්න Wednesday, 24 September 2025 03:38 PM
ඕවා වගේ නෙවේ, අපි මොකක් හරි නීත්‍යානුකූලව ආනයනය කලහම තමයි බදු වදින්නේ. ඔය ජාවාරම් කරන උන් ජාවාරම් කරන හැටි බලන්න ඔය නිලධාරීන් වෙළෙඳපොලේ අලුත් දුරකථන විකුණන ඉම්පොටර්ල ගැන හොයා බලන්න, කොහොමද ඒවා ආවේ, බදු කොපමණ ගෙව්වද කියල.