IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ටිපරයක් පෙරළි තරුණයෙක් මරුට:පහක් රෝහලට

(නිමල් ජයරත්න)

තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක්  ඇල්ලේවැව මාර්ගයේදි  පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන් පස් දෙනකු තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇතැයි  මනම්පිටිය පොලිසිය කියයි.

මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ පැලටියාව  පදිංචිව සිටි  අනුහස් දිල්හාර යන අය බව පොලිසිය කියයි.

ටිපරයේ තට්ටුවට යටවීමෙන් ඔහු මියගොස් ඇතිි අතර, තුවාල ලැබූ සෙසු තරුණයන් මනම්පිටිය රෝහලෙන් පොළොන්නරුව මහ රෝහලට වැඩිදුර ප්‍රතිකාර සඳහා යවා ඇති රෝහල් ප්‍රකාශකයෙක් කීය.

මෙම අනතුර සිදුවන විට ටිපර් රථයේ තරුණයන් අට දෙනකු ගමන් කර ඇති බවත්, ඔවුන් වෙසක් කූඩු තරඟයක් සඳහා උණ බට කැපීමට ගොස්, ආපසු  නිවස් කරා එමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇති බව මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර මහතා අප කළ විමසීමකදී පැවසීය.

 

 



අදහස් (0)

ටිපරයක් පෙරළි තරුණයෙක් මරුට:පහක් රෝහලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 301 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 997 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site