
(දිනේෂ් උපේන්ද්‍ර)
පාසල් ගුරුවරියකගේ රුවට නිරුවත් රුවක් බද්ධ කළ බව කියන එම පාසලේම සිසුවකු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි කුලියාපිටිය මහේස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් මහතා අද නියේග කළේය.
වැඩිදුර විභාගයට මෙම නඩුව අගෝස්තු මස 28 නැවත කැඳවන ලෙසත් ද නියම කළේය.
එමෙන්ම පරීක්ෂණවලට කිසිදු බාධාවක් සිදු නොකරන ලෙසත් සංස්කරණය කළ ඡයාරූප කිසිදු වෙනසකට භාජනය නොකරන ලෙසත් ඇප කොන්දේසි නිකුත් කරමින් එම කොන්දේසි අනුව කටයුතු නොකළහොත් නඩු කටයුතු අවසන්වනතෙක් ඇප අවලංගුකර රක්ෂිත බන්ධනාගාර ගත කරන බවත් සැකකරුට දැඩිසේ අවවාද කළේය.
සැකකරු අධිකරණයට ඉදිරිපත්කරමින් කුලියාපිටිය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකරි මහේෂ් කුමාරසිංහ මහතා පැවසුවේ මෙම සිද්ධිය හේතුවෙන් අදාළ ගුරුවරිය මානසික වියවුලෙන් පසුවන බවයි.
සියදිවි හානිකර ගැනීමේ අවදානමක් පවා ඇතිබැව් කී ඒ මහතා සැකකරු එම සංස්කරණය කළ සේයාරූ මුහුණුපොතේ අමඊඨය දර්ශන අඩංගු සමූහයක හා ටෙලිග්‍රෑම් ජාලයේ සමූහයක ගුරුවරියගේ දුරකථන අංකය සඳහන් කරමින් පෝස්ටු පළකර තිබූ බවද අධිකරණයට වැඩිදුරටත් කරුණු දැක්වීය
COMMENTS
ගුරුවරියක් කියන්නෙ තමන්ගෙ අම්මා වගේම කෙනෙක් .ඉතින් ඔය නරුමයා කරලා තියෙන්නෙ තමන්ගෙ අම්මා දූෂණය කිරීමට සමාන වැඩක් .ඉතින් ඒකා වෙනුවෙන් උගේ අම්මා අප්පා නීති ආධාර සොයමින් ඇප දෙමින් යනවා නම් උනුත් කාළකණ්නියෝ ටිකක් වෙනවා ඇත්තටම ඒකාට අම්මා අක්කලා නංගිලා ඉන්නවා නම් මූ කරලා තියෙන්නෙ ඒ අයටත් අපහාසයක් කියන්න පුළුවන් ගුරුතුමියට කල අපරාධය සදහා ඒ නරුමයාට කිසිම ආත්මයක ඇදුමක් අදින්න නොලැබේවි
මේවට අන්තිමේට බැනුම් අහන්නේ දෙමව්පියන්
එම සිසුවාගේ මවගේ නිරුවත් චායාරූපයක් සියලු විස්තර සහිතව සමාජ ජාලා වලට දැමීමට නියෝග කරානම් ඒක හොද දඩුවමක් වෙයි.
කාලකණ්ණි අසත්පුරුෂ අවජාතක උන්
රටේ නීතිය අනුව දඩුවම් දිය යුතුයි. බාලවයස්කාරයිනට වෙනමම හිර ගෙවල් තිබිය යුතයි.
කාලකණ්ණි කොල්ලෙක්. මෙයාව අවුරුදු 05ක් පාර අතුගාන්න... පාර සුද්ද කරන්න, කාණු සුද්ද කරන්න, දැම්මා නම් ඔය මදන විසේ බැහැලාම යයි...