(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික ජෙනරාල්වරයකු සහ හිටපු ආරක්‍ෂක ලේකම්වරයකු වන සිරිල් රණතුංග මහතා අභාවප්‍රාප්ත විය.
ශ්රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී තනතුර ද දැරූ සිරිල් රණතුංග මහතා 1988 වසරේ ජෙනරාල් තනතුරට උසස්වීම් ලැබීය. ඒ මහතා ශ්‍රී ලංකා යුද හමුදා ඉතිහාසයේ යුද හමුදාපති තනතුර නොලබා ජෙනරාල් ධූරයට පත්වූ එකම නිලධාරියා ද වේ.
1930 වසරේ පෙබරවාරි මස 19 වැනිදා උපත ලැබූ ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 91 වැනි වියේ පසු වූ අතර ඒ මහතා 1950 වසරේ ශ්‍රී ලංකා යුද හමුදාවට එක්ව 1988 වසරේ විශ්‍රාම ලැබීය.
ඔහු 90 දශකයේ ඕස්ටේ්‍රලියාවේ සහ බි්‍රතාන්‍යයේ මහ කොමසාරිස්වරයා ලෙස ද කටයුතු කළේය.
මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහලේ ආදි ශිෂ්‍යයකු වන ඒ මහතා පාසල් සමයේ දක්‍ෂ මලල ක්‍රීඩකයකු සහ හොකී ක්‍රීඩකයකු ද විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමා රටට වැඩදායී වූ අවංක නිලධාරියෙකි. එතුමාට නිවන් සුව පතමි...!!!
ආරක්ෂක ලේකම් හමුදාපති නොවී ජෙනරාල් වූ අයෙක් නේද...?
මතුභවය සෞඛ්‍ය සම්පන්න වේවා..! භව ගමන අවසානයේදී අජරාමර නිවන් සුව ලැබේවා..!!!
යුද හමුදාව බැබලවූ කීර්තිමත් සෙනෙවි තුමනි, ඔබතුමාට නිවන් සුව...!!!
හිටපු ආරක්ෂක ලේකම් සිරිල් රණතුංග මහතාට නිවන් සුව අත්වේවා. එසේම වර්තමාන ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න මහතාත් හමුදාපතිවරයා නොවි ජනරාල්ධුරයට පත්වු දෙවනියා ලෙස හදුන්වන්න පුළුවන්