ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි විශ්වවිද්‍යාලයක් වූ වෙබ්ස්ටර් (WEBSTER) විශ්ව විද්‍යාලයේ බුදුදම හඳුන්වාදීම පිළිබඳව වසරේ අවසන් දේශනය එම විශ්ව විද්‍යාලයේ ප්‍රධන ශාලාවේදි පසුගියදා පැවැත්විණි.

එම දේශනය ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරයේ ආචාර්ය තවලම ධම්මික හිමියන් විසින් මෙම වසරේදීත් පවත්වනු ලැබූ අතර වසර 20 කට අධික කාලයක් තිස්සේ ජිනිවා බෞද්ධ විහාරයට බුදුදහම පිළිබඳව දේශන පැවැත්වීමට ඇරයුම් ලැබී තිබේ.

තුලනාත්මක ආගම් පිළිබඳව වෙබ්ස්ටර් සරවියේ මහාචාර්ය ටයිනි මහත්මිය මෙම දේශනය සංවිධනය කළ අතර එමගින් බුදුදහම පිළිබඳව බොහෝ දේ එම සිසුන්ට වටහා දීමට හැකි වූ බව ධම්මික හිමියන් පවසයි.