IMG-LOGO

2024 මැයි මස 01 වන බදාදා


ජාජබ - කාදිනල් හිමියන් හමුවෙයි

(යොහාන් භාසුර)

'පාස්කු ඉරුදින' ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීමෙහිලා වන ජාතික ජන බලවේගයේ ප්‍රතිඥාව කොළඹ  අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත්  හිමියන්ට ජාතික ජන බලවේගයේ නායකයෝ බොරැල්ල අගරදගුරු නිල නිවසේදී අද (18) පෙරවරුවේ පිළිගැන්වූහ.

2019 අප්‍රේල් මස 21 (පාස්කු ඉරුදින) කතෝලික සහ ක්‍රිස්තියානි බැතිමතුන් ඉලක්ක කරගනිමින් අන්තවාදීන් කණ්ඩායමක් කළ ම්ලේච්ච මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් අහිමි වූ ජීවිතවලට, එම ප්‍රහාරය මගින් අසරණ වූ පවුල්වල සාමාජිකයන්ට සාධාරණය ඉටු කිරීම වෙනුවෙන් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකින් නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවටත් එම ප්‍රහාරයට ඍජු හෝ වක්‍ර ලෙස සම්බන්ධවූ පුද්ගලයන්ට එරෙහිව නිසි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවටත් අවධාරණය කරන ප්‍රධාන කරුණු 07ක් එම ලියවිල්ලට ඇතුළත්ය.

මෙම හමුවට ජාතික ජන බලවේගය නියෝජනය කරමින් මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන, නීතිඥ සුනිල් වටගල, ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම, ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය රොහාන් ප්‍රනාන්දු සහ අරුණ ශාන්ත නෝනිස් යන අය සහභාගි වූහ. 



අදහස් (13)

ජාජබ - කාදිනල් හිමියන් හමුවෙයි

Hafeel Thursday, 18 April 2024 02:44 PM

දැන් පින් ජනාධිපතිත් යාවි. ගිහින් සුපුරුදු පරිදි බොරු පොරුන්දුවක් දේවි. පින් ජනාධිපති ජනාධිපති ධුරයට පත්වූ විගස කිව්වේ ස්කොට්ලන්ඩ් යාර්ඩ් පොලීසිය ගෙනැල්ලා හරි විමර්ශනය කරනවා කියලා. මම නම් කියන්නේ ස්කොට්ලන්ඩ් යාර්ඩ් අවශ්‍ය නැහැ. මේ රටතුල දක්ෂ විමර්ශන නිලධාරීන් කෙසේවෙතත් ඉදිරියේදී පත්ව්න‍ මාලිමාව ආණ්ඩුව තුළ වින්දිතයින්ට සාධාරණය ඉටු වේවි...!

:       3       5

Kazi Shajahan Thursday, 18 April 2024 03:00 PM

අපිට ලොකු විශ්වාසයක් තියෙනවා NPP මේක කරයි කියලා අවංකව... මහ මොලකරුවන් එක්කම... එතකොට කාගෙ කාගේත් රෙදි ගැලවෙයි මේ කරපු මහ අපරාධයට...

:       2       5

ඉන්දික Thursday, 18 April 2024 03:10 PM

පක්‍ෂය නියෝජනය කරන්න එකම මන්ත්‍රී කෙනෙක්වත් නැහැ. ඇයි එයාලාට කාදිනල් තුමාගේ කකුල් දෙක ගාවට යන්න ලැජ්ජද? පාර්ලිමේන්තුව නියෝජනය කරන අය උසස් කියලා එයාලා හිතනවාද?

:       4       3

Lal Thursday, 18 April 2024 03:31 PM

එතකොට මේවා ඡන්ද ගුණ්ඩු නෙවෙයිද ?

:       49       25

සමන් සමන් විමල් Thursday, 18 April 2024 06:56 PM

දෙගොල්ලන්ටම උපදෙස් දෙන්නේ ජූලි නෝනා නේ...

:       5       1

මැක්ස් Thursday, 18 April 2024 03:42 PM

ඊබ්‍රහිම් නානා ගැනත් කතා කරයිද?

:       4       2

පද්මලාල් Thursday, 18 April 2024 07:22 PM

ඉබ්‍රහිම් නනාගෙන් පටන් ගමු. කාදිනල් තුමා ඒ ගැන කවදාවත් අහන්නේ නැත්තේ ඇයි?

:       5       2

ලිලිපුට් ටා. Thursday, 18 April 2024 08:41 PM

මේ නඩය ඇත්තටම මොන මගේ යන අයද? විපත් මගේද? වියත් මගේද?.

:       7       2

පුස්සෝ Thursday, 18 April 2024 09:18 PM

අසාර්ථක වියත් මග අංක 02...

:       7       4

තරස්ත මාෂල් Thursday, 18 April 2024 10:26 PM

අපිට කොමිනිස්ට් කාරයෝ එපා . ලෝකෙටම එපා වෙලා තියෙන්නේ . අවරුදු ගානක් ෆයිල් තියාගෙන මේ මහත්වුරු මොකද කලේ ? උසාවි වහලා තිබුණද? දැන් මේ ඡන්දෙ දිනන මාවතක් හොයනවා. ලංකාවේ හැම පක්ෂයක්ම බොරු කාරයෝ . මිනිස්සු හාමතේ . මේ ගොල්ලෝ බලය අල්ලන්න බලනවා .

:       6       5

CCFriday, 19 April 2024 12:42 PM

ජාතික ජනබලවේලය යනු කොමිනිස්වත් වෙනයම්හෝ මොඩලයක් නොවෙයි අපේ රටේ සංසකෘතියට සමාජයට ගැලපෙන ලෙස සත්‍ය හා සාධාරණ සමාජයක් මේ රටතුළ බිහිකිරීම සඳහා කැපවෙන කණ්ඩායමක් මොවුන් අවංකව අධූෂිතව තම ප්‍රායෝගික හැසිරීමෙන් එය ඔප්පු කොට තිබෙනවා ඒක තමයි උගත් බුද්ධිමත් තරුණ තරුණියො මෙය වටා දහස් ගණනින් එකතුවන්නේ එදා සිටම ඔවුන් කොපමණ දිවි පිදුවද මේරටට මේ සංකල්පය ගෙන ඒමට ඒක දූෂිත දේසපාලුවන්ගෙ චාටු බස් වලට රැවටුනු වහලුන්ට තේරෙන්නෙ නැහැ.මෙකක් හරි සහනමල්ලකට රැවටිලා වසර 05ක් දුක්විදිනවා ,උන්ගේ දරුවනුත් අනාථයි.මොහු ෆයිල් ගැන කියනවා ඇමති විජේදාස අල්ලස් එකට දුන් ෆයිල් පවා නැතිවනවා නම් මේ දූෂිත මජර ක්‍රමය යටතේ අනුර දෙන ෆයිල්වලට මොකක් වෙයිද කියලවත් තේරුම් ගන්න බැරි වහලෙක් තමයි එහෙම කියන්නේ .අද මේ දේශපාලුවන් මේ රට විනාශ කලා කියල රට ගැන කැක්කුමක් ඇති හැම දෙනාම අවබෝධකර අවසන් ඔවුන් ලක්ෂ ගණනින් මෙය වෙනස් කිරීමට අද පෙරට එනවා නුබලා ඒදිහා බලා ඉදපල්ලා.

:       4       4

Bamunuarachchi Friday, 19 April 2024 12:54 PM

අන්තිමට කියයි, වාර්තා රහසිගතයි... ප්‍රකාශයට පත්කරන්න බැහැ කියලා...

:       4       4

Asanga samantha Sunday, 21 April 2024 10:36 AM

නැවතත් කරලියට ඇවිල්ලා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ක්‍රිකට් පිත්තක‍ට සිසුවකු මරලා
2024 අප්‍රේල් මස 30 658 0

පාසල් සිසුන් දෙදෙනකු අතර ක්‍රිකට් පිත්තක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුර දිග යෑමෙන් එක් සිසුවකුට ක්‍රිකට් පිත්තකින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් ක


සීඅයිඩී වෙසින් කෝ‍ටි හතරක කප්පම් ඉල්ලලා
2024 අප්‍රේල් මස 30 129 0

රහස් පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් පුද්ගලයකුගෙන් කෝටි හතරක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එයින් රුපියල් කෝටියක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන



ඡන්දෙ දෙන්න ඕනෑ කාටදැයි මා කීවේ නෑ
2024 අප්‍රේල් මස 30 435 0

කිසිඳු පක්‍ෂයකට ඡන්දය ප්‍රකාශ කරන ලෙස තමන් කිසි දිනක කිසිවකුගෙන් ඉල්ලා නොමැති බවත් එක්තරා දේශපාලන පක්‍ෂයකට ඡන්දය දෙන ලෙස තමන් ඉල්ලීමක් කළේයැයි පාර්ල


ඉන්ධන මිල පහළට
2024 අප්‍රේල් මස 30 775 0

ලංකා පෙට්‍රල් (92) රුපියල් තුනකින් සහ ලංකා සුදු ඩීසල් රුපියල් තිහකින් අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කර ඇත.


විපක්ෂයේ ලොක්කෙක් ප්‍රා. සහා අපේක්ෂිකාවක නම‍ට බාර් අරන්
2024 අප්‍රේල් මස 30 508 0

විපක්ෂයේ දේශපාලන පක්ෂයක නායකයකු ද මහියංගනය රිදීමාලියද්ද නගරයේ මත්පැන් අලෙවිසලක් විවෘත කිරීමට ආණ්ඩුවෙන් මත්පැන් බලපත්‍රයක් ලබාගෙන ඇතැයි ඉතාම විශ්ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 407 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1818 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1633 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site