(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති පරස්පර විරෝධී බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සහ මැතිවරණ සමයේ කළ ප්‍රකාශ අතර බැලූ බැල්මට සමාන කමක් තිබෙනවා.නමුත් ඇත්තටම ගේන්න යන්නේ මේ ප්‍රතිපත්තිද අයි.එම් එෆ් සංවිධානය සමඟ එකඟ වූ ප්‍රතිපත්තිද කියන ප්‍රශ්නය අපට තිබෙනවා.මේ පරස්පර විරෝධී තත්ත්වය හමුවේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ කෙසේද?
අයි.එම්.එෆ් සමග එකඟ වී තිබෙන්නේ මැතිවරණයේදී ඔබලා කියූ ප්‍රතිපත්තිය නොවේ.ලබන වසරේදී ඔබලා බිලියන පන්සියයක් සෙවිය යුතුයි. ඒවා හොයන්නේ කොහොමද?අසීමිත විදියට බදු වැඩි කරනවද?
එක වෙලාවක හාල් ගේන්නේ නෑ කියනවා. දැන් හාල් ගේන බව කියනවා.ඉදිරියේදී මහ කන්නයේ අස්වැන්නත් එනවා" යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතා කීය.
මදුරන්කුලිය කරිකට්ටිය ප්‍රදේශයේ දී අද (25) සිදුවු මාරක අනතුරකින් සිව්දරු මවක් අවාසනාවන්ත ලෙස පුත්තලම මූලික රෝහලට ඇතුලත් කරන විට මරණයට පත්ව ඇති බව පොලිස
රත්මලාන ප්‍රදේශයේ ඉඩමක් සහ නිවෙසක් 3,40,00000 මිලදී ගැනීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝ
නුවරඑළිය මහ නගර සභාවේ ජල අංශයේ සේවය නියුතුව සිට රාජකාරී අවසන් කර නිවස බලා යමින් සිටි නුවරඑළිය මහ නගර සභා වතු නිවාසයේ පදිංචි සෙල්වරාජ් නඩරාජ් වයස (අවු:44)
බුලත්සිංහල අධ්‍යාපන කොට්ඨාසයේ කුඩලිගම මහා විද්‍යාලයේ ශාලාවක් මතට අද (25) උදෑසන ගසක් කඩා වැටීමෙන් එම ශාලාවේ වහලට හා සෙවිලි තහඩුවලට දැඩි හානි සිදුව තිබේ.
දූෂණ වංචා අපරාධ ලිපිගොනු විමර්ශනවල ප්‍රතිඵල ලබන පෙබරවාරි මාර්තු වන විට ප්‍රතිඵල ලැබෙනු ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ජාජබ ප්‍රතිපත්ති පරස්පර විරෝධීයි
පිටරටවැසියා Wednesday, 04 December 2024 12:05 PM
බේබි ලැබිච්ච 3න් පරිස්සම් කරගෙන ඉන්නකෝ... ලබන මහ කන්නයේ අස්වැන්න කෙසේවෙතත්. වැස්සෙන් කුඹුරු අක්කර දෙලක්ෂයක් විනාශයි කියලා බේබි තාම දන්නේ නැතිව ඇති මයෙහිතේ...
niaml Wednesday, 04 December 2024 12:10 PM
පත්කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී, පළමුවෙන්ම ඔබේ මුදල් විශුද්ධිකරණ ක්රියාකාරකම් සහ රග්බි මිලියන 40 ක පරිත්යාගයක් ඉවත් කරන්න. ඉන්පසු කරුණාකර විවාදයට එන්න...
nimal Wednesday, 04 December 2024 12:11 PM
පත්කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී, පළමුවෙන්ම ඔබේ මුදල් විශුද්ධිකරණ ක්රියාකාරකම් සහ රග්බි මිලියන 40ක පරිත්යාගයක් ඉවත් කරන්න. ඉන්පසු කරුණාකර විවාදයට එන්න..
nobody Wednesday, 04 December 2024 12:17 PM
හොරකම එකම ප්‍රතිපත්තිය කරගත්තු අය කොච්චර හොඳද...?
fairoos Wednesday, 04 December 2024 12:45 PM
පිනට හම්බ වූ සීට් එකට ඇවිල්ලා නිකන් දොඩවන්නේ නැතිව ඉන්නවද?
චින්තක Wednesday, 04 December 2024 01:18 PM
එකම ප්‍රතිපත්තිය හොරා කෑම කරගත් හොර පෙරකදොරුවෙකුට හිතෙන දේවල්...
Lalla Wednesday, 04 December 2024 01:39 PM
තමන්ට කරන්න තිබුණු කාලේ වැඩ නොකර ගසාකාලා දැන් බණ කියන එකේ තේරුම මොකක්ද? බලාගෙන ඉන්නවා හොඳයි.
Lalith Jayaratne Wednesday, 04 December 2024 06:12 PM
බූරු වැඩක්..!
ගමේ එකාලා Wednesday, 04 December 2024 06:58 PM
ජනතාව රවට්ටපු, මහපාරට ඇදලා දාපු, රීරී මාන්ස හූරාගෙන කාපු දූෂිත පවුල් පාලනේ හොර පෙරකදෝරුවා ප්‍රතිපත්ති ගැන දොඩවනවා. මහින්ද චින්තනය, තාරුණ්‍යයට හෙටක්, ආසියාවේ ආස්චර්ය සෞභාග්‍යයේ දැක්ම පෙන්වනවා කියලා ජනතාව රවට්ටපු අය ගැන කවර කතාද..? අභියෝග වලට බය නැහැ කියපු කෙනා ජාතික ලැයිස්තුවෙන් රින්ගලා කයිවාරු ගහනවා...!
sam Thursday, 05 December 2024 06:39 AM
සුනාමි ආධාර හොරාගේ පුතා .මෙයා දන්නා දේශපාලනය