
(ආරියරත්න රණබාහු)
ජාතික ජන බලවේග රජයේ ඉදිරියේදී පත් කරන නව ඇමති මණ්ඩලය ජනතා සේවය සඳහා මිස ඥාති සංග්‍රහය සඳහා නොවේ යයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මතුගමදී අද (4) පැවසුවාය
ඇය ඒ බව ප්‍රකාශ කළේරට හදන අපි එකට තේමාව යටතේ මෙවර පාර්ලිමේන්තු මහා මැතිවරණයට ඉදිරිපත් වී සිටින ජාතික ජන බලවේගයේ අපේක්ෂක අපේක්ෂිකාවන් ගේ ජය තහවුරු කිරීම සඳහා පැවති ප්‍රචාරක රැළිය අමතමිනි.
අගමැතිනිය එහිදී මෙසේද කීවාය
අපගේ මීළඟ අමාත්‍ය මණ්ඩලය 25කට යෝජනා කර තිබෙනවා.ඒ ගැන අපට සැලැස්මක් තිබෙනවා. ඒ ඇමතිවරු පත් කරන්නේතමන්ගේ රාජධානි හදාගන්න හෝ ඥාතීන්ට යාලුවන්ට රස්සා දෙන්න නෙමෙයි. නැතිනම් අමාත්‍යවරුන්ගේ නිලධාරීන්ට හොරකම් කරන්න නෙවෙයි. මේ රට දියුණු කිරීමට සහ ජනතාවට සේවය කිරීමටයි. ඉස්සර වගේ අමාත්‍යාංශ අතර තරඟයක් නැහැ අපේ රටේ ජාතික ප්‍රතිපත්තියක් නෑ ඒ සඳහා සැලැස්මක් තියෙන්න ඕන ඇමතිවරුන්ට තමන්ට හිත හිතෙන දේවල් කරන්න බෑ. එකම අරමුණමේ රටේ ජනතාවගේ ජීවිත ලස්සන ජීවිත බවට පත්කිරීම යි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ වාසනාවට පහළ වු අගමැතිනිය, ජයවේවා !
ඔයගොල්ලො හොරකං, වංචා, දුෂණ නැතිකරලා, හරි සිස්ටම් එකක් හැදුවත්, ඒ ඇති රට හරිපාරේ දුවලා සංවර්ධනය වෙන්න.
ඡන්ද ගුන්ඩුවක් නොවී කියන ආකාරයටම වැඩේ කෙරුණොත් ඉතාම අගෙයි. හැබැයි ඉතින් ඡන්දේ දිනන්නත් එපායෑ. මිනිස්සු නම් දැන් ඉන්නේ ඡන්ද වේදිකාවලදී බෙදුව දිරච්ච ලණු ගිලලා ඇතිවෙලා...
සුපිරි සුපිරි, ඔහොම ආතල් ටිකක් දීලා අවුරුදු 5ක් ඇදගන්න පුලුවන්.
අනුරගෙ ඡන්දයට මුදලින් ආධාර කළ දෙමළ ඩයස්පෝරාව ගහන පදේට අනුරට නටන්න සිදුවෙලා. අපේ රටේ පළමුවන දෙමළ අගමැති වෙන්නේ අනුරගේ ආණ්ඩුවේ සුමන්තිරන්.
නියමයි .ස්ටාලින් එහෙමත් ඔය කියන කට්ටියට ඇතුලත්නේ නේද ?ඇයි ලංගම දෙන්නෙත් ඒ වගේ කෙනෙකුටනේ .කොච්චාර හොඳ දේවල්ද අනේ . අපිට ඔයාලා කලින් හම්බවුනේ නැහැනේ
මහා ඡන්දෙන් පස්සේ කැබිනට් මණ්ඩලය පත්කරලා "කඩවුණු පොරොන්දුව" පෙන්නනකන්, දැන් පෙන්නන්නේ "ත්‍රී ඉඩියට්ස්" !
ස්ටාලින් ගැනද කියන්නේ .ශික් විතරක්