IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ජලාශයක් නිසා ගලේවෙල වැසියෝ පීඩාවට

(කාංචන කුමාර ආරියදාස)

මාතලේ වෑමැඩිල්ල ජලාශයේ සිට වයඹ පළාතට ජලය රැගෙන යෑම සඳහා ඉදි වෙමින් පවතින වයඹ ඇල ව්‍යාපෘතිය හේතුවෙන් ගලේවෙල පහළ බම්බාව බෝ ගස්යාය ගම්මානයේ ජනතාවගේ දෛනික ජන ජීවිතය පවා අසරණ තත්ත්වයට පත්ව ඇතැයි ඔවුහු පවසති.

මෙම පහළ බම්බාව බෝගස්යාය ගම්මානයට පිවිසුම් මාර්ගය හරහා වයඹ ඇල ඉදිකිරීම හේතුවෙන් වසර හතරකට පෙර සිට මෙම ගම්මානයට ගමන් කිරීමට විකල්ප මාර්ගයක් මහවැලි අධිකාරිය මගින් ඉදිකර දුන්නද මාර්ගයේ මේ වන විට වාහනයකට හෝ පයින් ගමන් කිරීමට පවා නොහැකි තත්ත්වයක් පත්ව ඇතැයි ජනතාව පෙන්වා දෙති.

මෙම හේතුව නිසාවෙන් ගම්මානයේ පවුල් තිස් හතක් පමණ දෙනා ගේ දරුවන්ගේ පාසල් ගමනට සහ අනෙකුත් සියලු ප්‍රවාහනවලට බාධා එල්ල වී තිබෙන බව ඔවුහු වැඩිදුරටද පෙන්වා දෙන අතර ගම්මානයේ වසර හතරක සිට අඩුම තරමේ ආවා විවාහයක් හෝ සිදුවන්නේ නැති බවද ඔවුන් පෙන්වා දෙති.

මෙම ප්‍රදේශයෙන් භූගතව වයඹ ඇළ ගමන් කරන බවත් ඉඩම් යටින් භූගතව ඇල මාර්ග දෙකක් තිබීම හේතුවෙන් ප්‍රදේශයේ බොහෝ නිවාස ඉරිතලා යන බවද ඔවුහු පෙන්වා දෙති.

එමෙන්ම මෙසේ නඩත්තු කටයුත්තක් නොකිරීම නිසා ඇළ මාර්ගය දෙපස මාර්ග ගිලා බැස ජලය බැස නොයන නිසා ජලයෙන් නිවාස යටවෙන බවද ඔවුහු පෙන්වා දෙති.

තමන්ගේ කුඹුරු ප්‍රදේශයට පාසලට ගමන් කිරීමට මීටර් සියයකින් පා ගමනින් ගමන් කිරීමට තිබුනද මෙවන විට තමන්ගේ කුඹුරට පාසලට ගමන් කිරීම සඳහා ත්‍රි රෝද රථයකින් රුපියල් 600 මුදලක් ගෙවා යුතුව තිබෙන බවද ඔවුහු කියති.



අදහස් (1)

ජලාශයක් නිසා ගලේවෙල වැසියෝ පීඩාවට

Fernando Saturday, 25 January 2025 08:00 AM

කෝ අර උමා ඔයේ හිල හොයපු කෙනා. දැන් එයාට හිල් පේන්නේ නැද්ද? ඒ කාලේ නම් කවි, ගී, ගායනා, වස් කවි කියාගත්තු ගමන්මයි.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 46 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site