
(සුමිත් පොතුපිටිය)
ජේලර් වරයෙකුට රුපියල් 35,000 ක් අල්ලසක් ලෙස ලබාදී බන්ධනාගාර ගතව සිටින සොහොයුරාට අයිස්, හෙරෝයින් සහ ජංගම දුරකථනයක් ලබාදීමට පැමිණි බව කියන කාන්තාවක භාරයට ගෙන කළුතර උතුර පොලිසියට භාරදුන් බව කළුතර බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරයි .
මෙසේ භාරදී ඇත්තේ පානදුර හිරණ ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි කාන්තාවක බව සදහන් වේ.
සැකකාර කාන්තාව අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රැම් 17 කට ආසන්න ප්‍රමාණයක් , ජංගම දුරකථනයක්, බැටරි දෙකක් සමග භාරයට ගෙන තිබේ.
සැකකාර කාන්තාවක ජේලර් වරයෙකු සමග දුරකථනය ඔස්සේ සම්බන්දවී, බන්ධනාගාර ගතව සිටින රැදවියාට මත්ද්‍රව්‍ය , ජංගම දුරකථනය සහ සිම්පත් දෙකක් ලබාදීම සදහා ජේලර් වරයාට රුපියල් 35,000 ක මුදලක් ඉල්ලා ඇති බවට සැකකාරියගේ ප්‍රකාශවලින් හෙලිව ඇතැයි බුද්ධි අංශ විසින් අනාවරණය කරගෙන තිබේ.
ඒ අනුව මේ වනවිට සැකකාර ජේලර් වරයා සම්බන්ධයෙන් වෙනම විමර්ශන සිදුකරන බවද බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරයි .
2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජේලර්ට අල්ලස් දී බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය ගෙනියලා