
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ආපදාවෙන් විපතට පත් වූ ජනතාවට උදව් කිරීමට ගිය ආරක්ෂක අංශ නිලදරැවන් හත් දෙනෙකුගේ ජීවිත නැතිවුණු බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය
නාවික නිලධාරීන් පස් දෙනෙකුගේද පොලිස් නිලධාරියකුගේද ගුවන් හමුදා නිලධාරියකුගේද ජීවිත මෙසේ නැතිවුණු බව ඔහු කීවේය.
විපක්ෂය කාලගුණ විපත සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු පළ කිරීම ගැන කණගාටුදායක බවත් එයින් සිදුවන්නේ ජනතාව තවත් භීතියට පත්වීම පමණක් බවත් මහජන ආරක්ෂක අමාත්‍යවරයා පැවසීය
අනතුරු ඇඟවීමේ කාලගුණ නිවේදනය පැමිණි 25 වැනිදා සිට රජය ඒ සම්බන්ධයෙන් මැදිහත් වී කටයුතු කළ බවද ඔහු සඳහන් කළේය. රජයක් හැටියට කළ හැකි සියලු දේ කළ බවද අමාත්‍යවරයා පැවසීය.
ආපදාවට පත් ජනතාවගේ සුභ සාධන කටයුතු සදහා කෝටි 1000 ක් ප්‍රාදේශීය ලේකම්වරුන්ට යවා ඇතැයිද ඔහු කීවේය. විපක්ෂය මොන බොරු කිව්වත් ජනතාව ඇත්ත දේ හොදින් දන්නා බව පැවසූ අමාත්‍යවරයා ජාත්‍යන්තර සංවිධාන පවා රජයේ ක්‍රියාවලිය පැසසුමට ලක් කර ඇති බව සඳහන් කළේය.
ග්‍රාම නිලධාරියාගේ සිට සියලුම රාජ්‍ය සේවකයන් ආපදාව කළමනාකරණය කිරීමට දැඩි කැපවීමෙන් දායක වූ බවත් ඒ අයට තමා ස්තුතිය පුද කරන බවත් ඔහු කීවේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ මුදල් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.
2025 දෙසැම්බර් මස 04
154
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
365
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
375
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජනයාට උදව් කරන්න ගිය හමුදාවේ පොලිසියේ 7 ක් මරුට
Asanga Friday, 05 December 2025 03:41 PM
ආාා ඇත්තද ? සොල්දාදුවෝ කියලා තමයි කියන්නේ