
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (24) දහවල් වතිකාන තානාපති කාර්යාලය වෙත ගොස් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳ සිය ශෝකය පළ කළේය.
තානාපති කාර්යාලය වෙත පැමිණි ජනාධිපතිවරයාව ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති අගරදගුරු බ්‍රයන් උඩෙයිග්වේ (Archbishop Brian N. Udaigwe) හිමි බැහැදැක ශෝකය ප්‍රකාශ කළේය.
අනතුරුව ජනාධිපතිවරයා ශෝක සටහන් පොතේ සටහනක්ද තබමින් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳ සියලු ලෝකවාසී කිතුනු ජනතාව වෙත ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ ශෝකය පළ කර සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ කවුරුත් අඬන්නෙ නෑනේ!?!
ඒකට අපේ සිලින්ඩර් මුත්තා හිටියා නම්, මෙලහකටත් වතිකානුවේ පිලිකන්නයේ ලැගළා ඇති.
පච ලපයා මේ පාරත් ශෝක ප්‍රකාශය ලියන්නේ, ස්මාර්ට් ෆෝන් එකේ ස්ක්‍රීන් එක බල බලද? හරියට ඉරානයේ ජනාධිපති නැතිවුණු වෙලාවේ වගේ.. මොවුන්ට පුරුදු 88-89 කාලේ වගේ මිනිස්සු මරලා බෙල්ල වැටේ ගහන්න මිසක්, මිනිස්සු මැරුණාම කොලයක් බලන්නේ නැතිව ශෝක ප්‍රකාශයක්වත් ලියන්න නෙමෙයි...
පච කියන්න කියන්න කොටවෙනවා කියන එක ඇත්ත...