IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ජනපති ඡන්දය ප්‍රකාශ කරයි

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මරදාන පංචිකාවත්ත අබේසිංහාරාම සයිකෝජි පෙර පාසලේදී අද (06) පස්වරුවේ  ඡන්දය ප්‍රකාශ කළේය .

ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව මේ රට  ඇති කළ සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ඉදිරියේ පැවැත්වෙන සියලු මැතිවරණවලදීත් ජනතාව අපේක්ෂා කරන බව කියා සිටියේය.

මැතිවරණ ඉතිහාසයේ සාමකාමී මැතිවරණ ව්‍යාපාරය ජාතික ජන බලවේගය ආණ්ඩුව යටතේ ජනතාව අත්විඳි බව ද පැවසූ ජනාධිපතිවරයා එය මෙරට දේශපාලන සංස්කෘතිය බවට පත්විය යුතු බව ප්‍රකාශ කළේය.

මහ නගර සභා 28ක් නගර සභා 36ක් ඇතුළු පළාත් පාලන ආයතන 336කට නියෝජිතයන් අසන්න වශයෙන් 8000කට වැඩි සංඛ්‍යාවක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී තෝරාගැනීමට නියමිත ය.



අදහස් (3)

ජනපති ඡන්දය ප්‍රකාශ කරයි

Jagath Liyanage Tuesday, 06 May 2025 04:32 PM

ඔබටත්, ඔබේ පක්ෂයටත්, ශ්‍රීලංකාවාසී සියලුම පුරවැසියන්ටත් ජයම වේවා !

:       2       0

සත්‍ය Tuesday, 06 May 2025 05:09 PM

රටේ වාසනාවට ජනතාව විසින් පත්කල ජනතාවගෙු ජනපති කියල කිසිම පැකිලිමකින් කිව හැකි යුග පුරුෂයා, ජනපති මැදුර අත්හල ඔහු ජිවත් වන්නෙ තම පක්ෂ මුලස්තානයෙ කාමරයකය රථ ගාය , හෙලි කොප්ටර් , පිරිවරාගත් තුවක්කු හමුදා නැත ජිවිත පැවැත්ම සරලය, බොරු ෂෝ නැත වංචාව හොරකම නැත රටේ ප්‍රශ්න විසිදිමට දෙන පිලිතුරු සරලය තම වියපත් මව ප්‍රතිකාරගන්නෙ රජයේ රෝහලේය, නිතිය ඔහුටත් අපටත් එකය, මෙරට මෙවැනි මිනිසෙකු අප දුටුවේ පලමුවරටය

:       2       0

Asela Tuesday, 06 May 2025 05:45 PM

පුද්ගලිකව, මම අනුර, සජිත්, හරිනි හෝ රනිල් ඡන්දය දෙනවාද යන්න ගැන එතරම් තැකීමක් කරන්නේ නැහැ. අපි සැලකිලිමත් වන්නේ මේ වැඩකට නැති නගර සභාව ඒ වැඩේ කරයිද යන්නයි. මගේ නිවසට හේත්තු වී තිබූ රජයේ රක්ෂිත භූමියේ ගසක් වසර 2 ක් කපා දැමීමට මට කොන්ත්‍රාත්කරුවෙකු සිටී. මම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කොමසාරිස් වෙත ලිපි කිහිපයක් යැව්වා. කිසිම ක්‍රියාමාර්ගයක් නැහැ. ඉතින්, මේ මෝඩයෝ හිටියත් නැතත්, එකම යාන්ත්‍රණය.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 707 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2375 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1739 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site