
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මරදාන පංචිකාවත්ත අබේසිංහාරාම සයිකෝජි පෙර පාසලේදී අද (06) පස්වරුවේ ඡන්දය ප්‍රකාශ කළේය .
ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව මේ රට ඇති කළ සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ඉදිරියේ පැවැත්වෙන සියලු මැතිවරණවලදීත් ජනතාව අපේක්ෂා කරන බව කියා සිටියේය.
මැතිවරණ ඉතිහාසයේ සාමකාමී මැතිවරණ ව්‍යාපාරය ජාතික ජන බලවේගය ආණ්ඩුව යටතේ ජනතාව අත්විඳි බව ද පැවසූ ජනාධිපතිවරයා එය මෙරට දේශපාලන සංස්කෘතිය බවට පත්විය යුතු බව ප්‍රකාශ කළේය.
මහ නගර සභා 28ක් නගර සභා 36ක් ඇතුළු පළාත් පාලන ආයතන 336කට නියෝජිතයන් අසන්න වශයෙන් 8000කට වැඩි සංඛ්‍යාවක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී තෝරාගැනීමට නියමිත ය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබටත්, ඔබේ පක්ෂයටත්, ශ්‍රීලංකාවාසී සියලුම පුරවැසියන්ටත් ජයම වේවා !
රටේ වාසනාවට ජනතාව විසින් පත්කල ජනතාවගෙු ජනපති කියල කිසිම පැකිලිමකින් කිව හැකි යුග පුරුෂයා, ජනපති මැදුර අත්හල ඔහු ජිවත් වන්නෙ තම පක්ෂ මුලස්තානයෙ කාමරයකය රථ ගාය , හෙලි කොප්ටර් , පිරිවරාගත් තුවක්කු හමුදා නැත ජිවිත පැවැත්ම සරලය, බොරු ෂෝ නැත වංචාව හොරකම නැත රටේ ප්‍රශ්න විසිදිමට දෙන පිලිතුරු සරලය තම වියපත් මව ප්‍රතිකාරගන්නෙ රජයේ රෝහලේය, නිතිය ඔහුටත් අපටත් එකය, මෙරට මෙවැනි මිනිසෙකු අප දුටුවේ පලමුවරටය
පුද්ගලිකව, මම අනුර, සජිත්, හරිනි හෝ රනිල් ඡන්දය දෙනවාද යන්න ගැන එතරම් තැකීමක් කරන්නේ නැහැ. අපි සැලකිලිමත් වන්නේ මේ වැඩකට නැති නගර සභාව ඒ වැඩේ කරයිද යන්නයි. මගේ නිවසට හේත්තු වී තිබූ රජයේ රක්ෂිත භූමියේ ගසක් වසර 2 ක් කපා දැමීමට මට කොන්ත්‍රාත්කරුවෙකු සිටී. මම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කොමසාරිස් වෙත ලිපි කිහිපයක් යැව්වා. කිසිම ක්‍රියාමාර්ගයක් නැහැ. ඉතින්, මේ මෝඩයෝ හිටියත් නැතත්, එකම යාන්ත්‍රණය.