
(අංජුල මහික වීරරත්න)
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන "කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය" සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (28)එක් විය.
මෙවර පොත් ප්‍රදර්ශනය කුටි 400කින් පමණ සමන්විත වන අතර දෙස් විදෙස් පොත් ඇතුලත් කුටි කිහිපයක් නිරීක්ෂණ කළ ජනාධිපතිවරයා ප්‍රදර්ශනයට පැමිණ සිටි ජනතාව සමඟ ද කෙටි පිළිසදරක නිරත විය.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර මහතා විසින් ළමා පොත් පිළිබඳ ජාතික ප්‍රතිපතියේ කෙටුම්පත ද මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්වීය.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය වාර්ෂිකව සංවිධානය කරනු ලබන "කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය” සැප්තැම්බර් 27 වන දින සිට ඔක්තෝබර් 06 දක්වා පෙ.ව 9.00 සිට රාත්‍රි 7.00 දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ප්‍රදර්ශන ශාලා පරිශ්‍රයේ දී පැවැත්වේ.


COMMENTS
මේ ෆොටෝ හරිම ස්වාභාවික විදිහට ගත්තුවා. අර ළමයි ඉඹින, කාර් කෑලි මැද හිටවල ගත්තු ඒවා වගේ නොවේ. "පොලවේ පය ගහපු" ගතිය... තියෙනවා.
දැන්වත් තෙරුම්ගන්න හැම ජනාධිපතිමට එකම ආසාවල් තියෙන්නේ කියලා...
ජනාධිපති අනුර කුමාර සහෝදරයාට ඉතාම ආදරයෙන් කියන්න දෙයක් තියෙනවා, ඒ ඔබගේ ආරක්ෂාව පිළිබඳවයි. කරුණාකර ඔබ ඔබගේ ආරක්ෂාව පිළිබඳව මීට වඩා බොහෝ සැලකිලිමත් වන්න. ඔබ දැන් අවුරුදු විසි ගණනක් ආරක්ෂාව ලබාගෙන නැති බව අපි දන්නවා. නමුත් අද ඔබ සිටින්නේ සුවිශේෂී තැනක. දැන් මුළු පරිසරයම නිසංසලේ සිටින බව පෙනුනත් "සතුරන්" දැන් පෙරටත් වඩා රහසින් ක්‍රියාකාරී වෙලා ඉන්න පුළුවන්. ඒ තමයි ඔවුන්ගේ නිවටකම. ඒ නිවටයින් රහසිගතව ඔබට යම් කිසි උපද්‍රවයක් සිදුකළොත්.. මේ නැවත පණ ගසාගෙන ඒමට තැත්කරන මුළුරටම යලිත් ගොඩනැගීමට බැරිවෙන අගාධයකට වැටෙන්න ඉඩතියෙනවා. ඒ තමයි සතුරාගේ අරමුණ. එනිසා දෙවරක් නොව තුන් හතර වරක් සිතා ඔබගේ ආරක්ෂාව ගැන මීට වඩා අවධානය යොමු කරන්න...!
ගරු ජනාධිපතිතුමා පිටකොටුවේ මධ්‍යම බස් නැවතුම්පොළ ඇතුළත සංචාරයේ යෙදුනොත් මගී ජනතාවට පිළිකුලෙන් තොරව බස් නැවතුම්පොළ වෙතට යන්න පුළුවන් වේවි සාමාන්‍යයෙන් මී උණට අවශ්‍ය බෙහෙත් පාවිච්චියට අරගෙන මිස සංචාරයේ නොයෙදෙනවා නම් ඉතාමත් හොඳයි.. ඊළඟට ලංගම (ලං ගොම) බස් අපිරිසිදු වුනත් ඒවා එතුමා නොබලනවා නම් අපිට තවත් කලක් අපිරිසිදු ඇඳුම් ඇඳගෙන (පිරිසිදු ඇඳුම් ඇඳගෙන ගියාම බහින්න වෙන්නේ නම් ගරාජයේ බාස් කෙනෙක් වගේම තමයි) ගමන් බිමන් යන්න පුළුවන් වේවි...
විජිත්ගේ කතාව 100% ක් හරි. මටත් මහා බියක් දැනෙනවා... මේ වෙන දේවල් දකින කොට. හැබෑවෙමින් දිගහැරී යන සොඳුරු සුභ සිහිනය හිටි ගමන් අතර මග හෙනයක් පතිත වූවා හිස් මුදුනට කියලා නතර වෙයිද කියලා මහා අවිනිශ්චිත බවක් දැනෙනවා මේ වෙද්දී. මොකද එන්න එන්නම සතුරු ගහනය ඉහළ යමින් ඉන්න බව තේරෙනවා.
කනින් කොනින් ආරංචි ලැබෙනවා "ඩීප් ස්ටේට්" එක, එක එක වැඩවලට අර අඳිනවා කියලා. අනුර මේක නොදන්නවා වෙන්න බෑ. රාජ්‍යයේම සමහර කොටස් ගැනත් අමුතු කතා ඇහෙනවා. මේ ආණ්ඩුවට තියෙන රැල්ල ආපහු හැරෙව්වොත් කාටද වාසි වෙන්නේ...? සාමාන්‍ය ජනතාවටද?
විජිත්... ඔබගේ අදහස් හරි ඉහළයි.ඔහු සිතනවා නම් රටවැසියන් සියළුම දෙනාම එක සමානයි කියලා. ඔහුට ආදරෙයි කියල මම නම් කීයටවත් විශ්වාස කරන්නෙ නෑ. ඔබව මේ රටට ඉතාමත් වැදගත් කෙනෙක් ය. එම නිසාම ඔබගේ ආරක්ෂා ව ගැන මීට වැඩිය සිතන්න.
මේ පාර අපිත් පොත් ප්‍රදර්ශනය බලන්න සෙනසුරාදා උදෙන්ම ගියා යනකොට පහකින් කෙටි වාහන ගන්න දෙන්නෙ නැතුව එළියට යන්ඩ කියලා කිව්වා පස්සේ අපි මුදල් ගෙවා පාකින් ගත හැකි තැනකට වාහනය නවතා පයින්ම ආවා ටිකට් අරන් ඇතුළට යනකොට තවත් තැනක බෑග් සහ ශරීරය අතගා චෙක් කරන තැනක් දමලා දිග පෝලිමක් ඇතුළට යන්න තිබුණා. පස්සේ අපි ප්‍රදර්ශනය ඉවර කරලා එළියට එනකොට වාහන කිසිදු අපහසුවකින් තොරව ඇතුලේ පාක් එකට දානවා දැක්කා ගිනි අව්වේ වාහනය තියෙන තැනට ඇවිත් මුදල් ගෙවා වාහනේ අරගෙන එළියට ආවා පස්සෙ සොයලා බැලුවමයි තේරුනේ ජනාධිපති පොත්පත් දර්ශනය නරඹන්න ඇවිල්ල කියලා කොළඹ ආනන්දයේ උත්සවයක් සඳහා අගමැතිතුමියට ආරාධනා කරලා තියෙනවා බලමු ඒකටත් ඒ එනවද කියල
මට නම් තේරෙන්නේ පරණ සිස්ටම් එකම තමයි දුවන්නේ... සෙනසුරාදා උදෙන්ම පොත් ප්‍රදර්ශනයට යනකොට වාහන පාකින් වහලා වාහන ඇතුළට ගන්නට දුන්නේ නෑ. ඇතුළට ගියාට පස්සේ වෙනම චෙක් පොයින්ට් එකක් දාලා දිග පෝලිමක්... බෑග් එකත් කරලා ඇඟපත අතගාලා තමයි ඇතුලට ගත්තේ. හැබැයි ජනාධිපති ගියාට පස්සේ ඒ චෙක් පොයින්ට් එකත් අයින් කරලා, කිසි ප්‍රශ්නයක් නැතුව වාහන පාකින් එකට දාන්නත් දුන්නා. උදෙන්ම කරදරයක් නැතුව වාහනය පාක් කරලා ප්‍රදර්ශනය බලන්න ගිය අපිට වාහනේ එළියේ පාක්කරලා, පෝලිමේ ඉඳලා ඇතුලට ගිහිල්ලා, දරුවනුත් එක්ක ගිනි අව්වේ වාහනය තියෙන තැනට ගිහිල්ලා පාකින් වලට සල්ලිත් දීලා ගෙදර එන්නයි සිද්ධ වුනේ... හෙට අගමැති පුස්තකාලය විවෘත කරන්න කොළඹ ආනන්ද විද්‍යාලයට එනවා. මම හිතන්නේ ඒ අය කැට හොල්ලලා සල්ලි එකතු කරලා හදපු බිල්ඩින් එකක් වෙන්න ඇති...