
(අංජුල මහික වීරරත්න)
අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට බාරදීම අද (1) පස්වරුවේ ජනාධිපති කාර්යාලය අසල පරිශ්‍රයේ දී සිදු විය.
එලෙස වාහන 19ක් නිදහස් කෙරුණු අතර එයින් වාහන 15 ක් පමණ පූර්ව දැනුම් දීමකට අනුව එම ස්ථානයට පැමිණි අදාල ආයතන වල නිලධාරීන් රැගෙන යනු ලැබීය.
මාර්ග සංවර්ධන අධිකාරියෙන් ලබාගත් වාහන 8ක්, මුදල් අමාත්‍යාංශයෙන් ලබාගත් වාහන 3ක්, දකුණු පළාත් සභාවෙන්, ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයෙන් සහ වනජීවී දෙපාර්තමේන්තුවෙන් ලබාගත් වාහන 1 බැගින් සම්පූර්ණ වාහන 15ක් මෙලෙස අදාල ආයතන වලට නැවත ලබාදීම සිදු විය.
මෙම අවස්ථාවට ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රොෂාන් ගමගේ, අතිරේක ලේකම් මහේෂ් හේවාවිතාරණ මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් මේක සාමාන්‍ය ක්‍රියා ප්‍රතිපත්තියක්...
කෝ මෙතැන මාලිමාවේ සන්දර්ශන භාර වසන්ත සමරසිංහ සහෝදරයා නැහැනේ...! මෝඩ චූන් දෙන්න විතරද ඉන්නේ?
අපරාදේ නත්තල් වෙනකන් මේක ඇදගෙන යන්න තිබුණු චාන්ස් එක තමයි නැතිකර ගත්තේ...! එහෙනම් එතකන් මේක වමාරා වමාරා කන්න තිබුණා ජෙප්පන්ට...!
අනේ.... අපි හිතුවේ ඒවා අවභාවිතා කළ අයගේ හතර හන්දි කඩලා හිරේ දාලා, වාහන ටික විකුණලා ඒ මුදල් මහජන සුබසාධනයට යොදවයි කියලා...!
එහෙනම් බුද්ධිමතුන්ගේ මෝඩ සන්දර්ශන හමාරයිද?